දේශීය

ලංකාවේ මුස්ලිම්වරුන්ගේ මෘතදේහ ආදාහනයට එරෙහිව, පැරීසියේ උද්ඝෝෂණයක් – ලොව පුරා රැල්ලක්

Covid-19 වයිරසය හේතුවෙන් මරණයට පත්වන ශ්‍රී  ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙස බල කරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරන ප්‍රංශ – ශ්‍රී ලංකා මුස්ලිම් සංවිධානය හා තවත් ශ්‍රී ලාංකික සංවිධාන කිහිපයක එකතුවකින් සංවිධාන කල නිහඬ උද්ඝෝෂණයක් පැරිස් නගරයේ ඵෙතිහාසික රිපබ්ලිකන් චතුරශ්‍රයේදී ඊයේ (19) සවස පැවැත්විණි.
කොරෝනා වයිරසය හේතුවෙන්් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ මලසිරුරු ප්‍රංශයේදී මෙන්ම සෙසු රටවල භූමදානය කිරීමට කිසිම බාධාවක් නොමැත.
එසේ වුවද ශ්‍රී ලංකාවේ දී ඒ සඳහා නීතිමය බාධාවන් පනවා ඇත. එම බාධා ඉවත් කොට තම ආගමික හා සංස්කෘතික උරුමයනට ප්‍රමුඛතාවය ලබාදී තම මෘත දේහයන් ඔවුන් උපන් භූමියේදී ගෞරවණිය ලෙස මිහිදන් කිරීමට අවසර ලබා දෙන මෙන් බල කරමින් පැවති මෙම උද්ඝෝෂණයට ප්‍රංශයේ වෙසෙන විශාල ලාංකික ජනතාවක් සහභාගිවී සිටියහ.
මෙවැනිම උද්ඝෝෂණයක් අද (20) සවස කැනඩාවේ ටොරන්ටෝ හී දී ද 23 වෙනිදා බදාදා ඇමරිකාවේ නිව්යෝර්ක් සිටි හී දී ද පැවැත්වේ. පමුගිය සෙනසුරාදා එංගලන්තයේ ලන්ඩන් නුවර දී මෙලෙස ම උද්ඝෝෂණයක් පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button