ජනාධිපති මැක්රෝන්ට 42 යි
ප්‍රංශ ඉතිහාසයේ පහළ වූ ලාබාලතම ජනාධිපතිවරයා වන ඉමානුවෙල් මැක්රෝන් අද (21) සිය 42 වෙනි උපන්දිනය සමරනවා.
ඒ, ඔහු කෝවිඩ් ආසාධනය වීමෙන් පසු දින හතක නිරෝධායන කාලය ගත කරමික් සිටින විට වීම විශේෂත්වයක්. පසුගිය 17 වැනිදා, ඔහුට කෝවිඩ් රෝගය ආසාධනය වී ඇති බව ජනාධිපති මන්දිරය ප්‍රකාශ කළා.
1977 දෙසැම්බර් 21 වැනිදා ප්‍රංශයේ අමියන්ස්හි උපත ලද මැක්රොන්, පැරිස් නැන්ටෙරේ විශ්ව විද්‍යාලයේ දර්ශනය පිළිබද උපාධිය හැදෑරූ අතර පසුව මහජන කටයුතු පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සම්පූර්ණ කළ අතර 2004 දී ජාතික පරිපාලන විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේය.
ඔහු මූල්‍ය අංශයේ ජ්‍යෙෂ්ට සිවිල් සේවකයෙකු ලෙස සේවය කළේය. රොත්ස්චයිල්ඩ් සහ සමාගමේ ආයෝජන බැංකුකරුවෙකු බවට පත්විය.
2012 මැයි මාසයේ, සිය තේරී පත්වීමෙන් ටික කලකට පසු ජනාධිපති ෆ්රැන්කොයිස් හොලන්ඩ් විසින් මැක්රොන් නියෝජ්‍ය මහලේකම්වරයෙකු ලෙස පත් කරන ලද අතර මැක්රොන් හොලන්ඩ්ගේ ජ්‍යෙෂ්ට උපදේශකයෙකු බවට පත් කළේය. පසුව අගමැති මැනුවෙල් වෝල්ස් විසින්, ඔහුව 2014 අගෝස්තු මාසයේදී ආර්ථික, කර්මාන්ත හා ඩිජිටල් කටයුතු අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයට පත් කරන ලදී. මෙම භූමිකාව තුළ මැක්රොන් ව්‍යාපාරික හිතකාමී ප්‍රතිසංස්කරණ ගණනාවක් මෙහෙයවීය.
2017 ජනාධිපතිවරණය සඳහා සිය අභිලාෂය ප්‍රකාශ කරමින් 2016 අගෝස්තු මාසයේදී කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. මැක්රොන් 2006 සිට 2009 දක්වා සමාජවාදී පක්ෂයේ සාමාජිකයෙකු වුවද, ඔහු 2016 අපේ‍්‍රල් මාසයේ ආරම්භ කළ කේන්ද්‍රීය දේශපාලන ව්‍යාපාරයක ධජය යටතේ මැතිවරණයට ඉදිරිපත් වූයේය. එය එන් මාර්ච් නම් වේ.
මත විමසුම් වලදී මුලින් පසුපසින් සිටියද, පළමු වටයේ ඡන්ද විමසීමේදී මැක්රොන් පළමු ස්ථානයට පත්වූ අතර, දෙවන වටයේ දී 66.1% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් 2017 මැයි 7 වන දින ප්‍රංශයේ ජනාධිපති ලෙස තේරී පත් වූ අතර මැරීන් ලුපෙන් පරාජය කරමින් ජයගත් ඔහු ඉතිහාසයේ ලාබාලම ජනාධිපති බවට පත්විය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 39 කි.
ඔහු ඉක්මනින්ම ඇඩ්වර්ඩ් පිලිප්ව අගමැති ලෙස පත් කළ අතර, මාසයකට පසු ව්‍යවස්ථාදායක මැතිවරණයේදී මැක්රොන්ගේ පක්ෂය “ලා රිපබ්ලික් එන් මාර්චේ!” (LREM), ජාතික සභාවේ බහුතරයක් ලබා ගත්තේය.
කොරෝනා ආසාධනය වූ ජනාධිපතිවරයා මේ වන විටත් සිය දෛනික කටයුතු තාක්ෂණික මාර්ග ඔස්සේ සිදු කරන අතර, ඨහුගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාම සාමාන්‍ය බව ඔහුගේ වෛද්යවරවා පවසයි. ඉරිදා නිකුත් කළ වාර්තාවට අනුව ඔහුට තවමත් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.