කෝවිඩ් ආසාධිතයින් වාර්තා වීමේ අඩුවක්
මේ වන විට රට තුළ කොවිඩ් -19 ආසාදිතයින් ගේ වාර්තා වීමේ සුළු අඩුවීමක් පිළිබඳව අදහස් දැක්වීම ඉක්මන් බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කරයි.
නමුත් මෙරටින් වාර්තා වූ ප්‍රධාන කොවිඩ් පොකුරේ ආසාදිතයින් වාර්තා වීම අඩුවෙමින් පවතින බව ද ඔහු සදහන් කළේය. තව ද ඔහු කියා සිටියේ ආසාදිතයින් සුළු වශයෙන් අඩුවීමට හේතු බොහෝමයක් ඇති බවයි.
ප්‍රධාන විශේෂිත උප පොකුරු නොමැති විම නිසා සමස්ත ආසාදිතයින්ගේ අඩුවීමක් සිදුවිය හැක. එමෙන්ම යම් අවස්ථාවක ආසාදිතයින් වැඩි පිරිසක් වාර්තා වූ විට සති දෙකක පමණ කාලයක් යන තෙක් අතිරේක ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වීමේ අවධානමක් පවතින බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර අරත්තෙ.
“වසංගතවේදය අනුව මේ ආකාරයේ ආසාදිතයින්ගේ උච්ජාවචනයන් සිදුවිය හැකි. කෙසේ වුවත් මෙය සත්‍ය අඩුවීමක් ද යන්න කීම ඉක්මන් වැඩි බව ප්‍රකාශ කළ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ආසාදිතයින්ගේ අඩුවීම ආසාදිතයින්ගේ වාර්තාවීම් අඩුවෙන් වාර්තා කිරීමක් හේතුවෙන් නොවන බවද ප්‍රකාශ කර සිටියා.
ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම අත්‍යාවශ්‍යයි. විශේෂයෙන්ම ආසාදිතයින්ගේ වැඩිවීමක් ඇති නොවීමට අපි උපරිම අයුරින් කටයුතු කරන බවද මෙහිදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.
මේ අතර ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 458 දෙනෙක් සහ මරණ 04ක් වාර්තා වුවා. ඒ සමගම මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 81,467ක් වන අතර මරණ සංඛ්‍යාව 457ක් වනවා. මේ වන විට රෝහල් ගතව සිටින ආසාදිතයින් ගණන 4,496ක් වන අතර සුවය ලබා ඇති පිරිස 76,514ක් වනවා.