පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් අනාතයි. සත්‍ය රටට හෙළිදරව් කරනු – සජිත්
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් අනාත වී ඇති බවත් වහාම සත්‍යය රටට හෙළිදරව් කළ යුතු බව හම්බන්තොට බඳගිරියේ පැවැති සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේ 45වැන්නට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ(28) පැවසීය .
”පාස්කු දින සිදු වුණා ත්‍රස්ත ප්‍රහාරයක් අපේ රටේ, ඒ ත්‍රස්ත ප්‍රහාරය නිසා ජීවිත අහිමිවුණා. බොහෝ දෙනෙකුට බරපතළ තුවාල සිදු වුණා. බොහෝ දෙනෙකුගේ ජීවිත අනාථ වුණා. රටේ ජනතාව ඇඟිල්ල දික් කරා අප වෙත. රටේ ජනතාව අප වෙත ඇඟිල්ල දික්කරලා කිව්වා මේ ත්‍රස්තවාදී ප්‍රශ්නයට අපි වගකියන්න ඕන කියලා.
එහෙම කියලා රටේ ජනතාව කිව්වා ,පොදුජන පෙරමුණට මේක බාර දුන්නොත් ,මේ වගකීම භාර දුන්නොත් ඉතාමත්ම ඉක්මනින් මේ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන මොළකරුවන් ,නායකයො ටික , උපදෙස් දුන්නු කණ්ඩායම් , ඒ බෝම්බ සෑදීම සඳහා ඒ උපකරණ ලබා දුන්න කණ්ඩායම් ,ඒ බෝම්බකරුවන්ට සාත්තු සප්පායම් කරපු කණ්ඩායම, ඒ බෝම්බකරුවන් පෝෂණය කරපු කණ්ඩායම මේ හැමෝම අල්ලනවා කිව්වා.
දැන් අද මොකක්ද වෙලා තියෙන්නේ ?
අද බෝම්බ ප්‍රහාරය නිසා දැඩි හානියට ලක් වුණු කතෝලික ජනතාවගේ ආගමික නායක තුමා අති උතුම් කාදිනල් මැල්කම් රන්ජිත් පියතුමන් එළිපිට ම ප්‍රකාශ කරනවා මේ කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් පත් කරපු කමිටුව විශ්වාස කරන්න බැහැ කියලා. එතකොට 69 ලක්ෂයක් ජනාධිපතිවරණයෙදි ඡන්දෙ දීලා ,තවත් 68 ලක්ෂයක් මහමැතිවරණයේදී ඡන්දෙ දීලා බලාපොරොත්තු උනේ මේකද ? මං අහන්න කැමතියි ඇයි මේ වර්තමාන රජය මේ රටටත් ජනතාවටත් බොරු කරන්නේ ? ඇයි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන මොළකරුවන් එළියට ඉදිරිපත් කරන්නේ නැත්තේ ? ඇයි මේ තොරතුරු හංගන් ඉන්නේ ? කාගෙන්ද මේවා හංගන්නේ ? පාස්කු ප්‍රහාරයේ නායකයොන්ගේ වතගොත තොරතුරු හංගන්න ද 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නෙ ? 68 ලක්ෂයක් පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දෙ දුන්නෙ ? ඔබතුමන්ලා මතක තියාගන්න ,මගේ මතකය හැටියට කොරෝනා නිසා මැතිවරණය තියන්න බැරි උනා ඒ වෙලාවේ ඒ කාලවකවානුවේ , පාස්කු ප්‍රහාරය සමරලා දින කිහිපයක් ඇතුළත තමයි මැතිවරණය තියන්න ට දින නියම කළේ. මහ මැතිවරණය . එහෙමයි සැලසුම් කරේ.
ඉතින් මම අහන්න කැමතියි මේ පාස්කු ප්‍රහාරයෙන් ඒ විපතට පත්වූ ජනතාව ඒ ජීවිත අහිමි වුණු ජනතාව , මේ රජය කළේ දේශපාලන පාපන්දුවක් හැටියට සැලකීම ද ? දේශපාලන වාසි තකා ද වේදිකාවක් වේදිකාවක් පාසා මේ පොදුජන පෙරමුණ බොරු බේගල් ඇද දැම්මේ ? ඒ ආගමික නායකතුමා ම කියනවා ඒ ක්‍රියාව විශ්වාස කරන්න බැහැයි කියලා. මේ වැඩපිළිවෙළ පිළිබඳව කිසිම සතුටක් නැහැ කියලා. කාදිනල්තුමා කියනවා. දැන් ජනාධිපතිවරණයේදී, මහමැතිවරණයේදී බෙරිහන් දීලා වේදිකාවල් දෙවනත් කරපු ඒ මහා වීරයන්ගෙන් මං අහන්න කැමතියි , ඇයි තමුන්නාන්සේලා පාස්කු ප්‍රහාරයේ සැබෑ තොරතුරු ජනතාවට එළිදක්වන්නේ නැත්තේ ? ඇයි මේවා හංගන්නේ ? අපිට අහන්න ලැබෙනවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු යම් යම් පිරිස් දැන් පිටරටවල් වලට ගිහිල්ලා ලු. ගිහිල්ලා නෙමෙයි මේ රටින් පන්නලා ලු. මේ යන කතා.
ඒ කතා අතරතුර බොහෝ දෙනෙක් දැන් කියනවා පාස්කු ප්‍රහාරයෙන් හානිය උනේ ජනතාවට ,වාසිය ලැබුණේ තව කොට්ඨාසයකට. මේ පාස්කු ප්‍රහාරයේ ඇත්ත තත්ත්වෙ මොකක්ද කියන එක ගැන මුළු රටටම හෙළි හෙළිදරව් කරන්න කියලා රටේ ජනතාවම කියනවා. රටේ ජනතාවට විශ්වාසයක් නෑ මේ පාස්කු ප්‍රහාර ක්‍රියාවලිය මේ ආණ්ඩුව හරියට විභාග කරා කියලා. කිසිම විශ්වාසයක් නෑ. වෙන මොන කතාද කාදිනල්තුමා ම කියනවා නම් විශ්වාස නැත කියලා. මම පැහැදිලිවම රටේ ජනතාවටත්, කතෝලික ක්‍රිස්තියානි ප්‍රජාවටත්, කාදිනල් තුමා ටත් ,මුළු ලෝකෙටත් පණිවිඩයක් දෙන්න ලෑස්තියි. ඒ පණිවිඩය තමයි සමගි ජන බලවේගය රජයක් යටතේ නිවැරදි පිරිසිදු පරීක්ෂණයක් අපි පවත්වනවා. කිසිම කෙනෙක් බේරන්න අපි කටයුතු කරන්නේ නෑ.”