දේශීය

ගෝඨාභය බන්ධනාගාරයට

ගෝඨාභය රාජපක්ෂ බන්ධනාගාරයට කියලා හෙඩිම දැක්කම ඔබට මොනවා හිතෙනවා ඇතිද?

මොන හේතුවටද, මොන අපරාධයටද?
එහෙම නැත්නම් සිංහල ජාතියම, බුද්ධාගමම බන්ධනාගාරයට ගියා වගේ හැඟීමක් සමහරෙකුට ඇතිවෙන්නත් පුළුවන්.

හැබැයි මේ කියන්නේ එහම බන්ධනාගාරයට යාමක් ගැන නම් නෙමෙයි.

ගෝඨාභය රාජපක්ෂගේ .com (ඩොට් කොම්) වෙබ් අඩවි නාමය www.gotabayarajapaksa.com ලෙස ඔබ වෙබ් බ්‍රව්සරයකට ඇතුල් කළවිට එය යොමුවන්නේ www.prisons.gov.lk හෙවත් ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියටයි.

මෙය අද ඊයෙක සිට සිදුවන්නක් නොවේ.


මින් පෙර ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය කරුවන් විසින් මේ ලෙසම sajithpremadasa.com වෙබ් අඩවි නාමය ගෝඨාභය රාජපක්ෂගේ නිල වෙබ් අඩවිය ලෙස සැලෙකන www.gota.lk වෙබ් අඩවියට යොමු කරගෙන තිබුණු අතර, එයට විශාල විරෝධයක් එල්ලවීම නිසා, එය තමන්ගේ මාධ්‍යකරුවන් විසින් සිදුකල එකක් නොවන බව හැඟවෙන පරිදි වෙබ් අඩවියේ සටහනක් තබා නිර්දෝෂී වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button