දේශීය

දෙරණ ප්‍රසිද්ධියේ රෙදි ගලවා ගනියි – Video

මේ සිදුවීම වෙන්නේ අවුරුදු කිහිපයකට කලින්….

දෙරණ කියන්නේ ඇත්තටම හිස් මාධ්‍යයක්. ඒ හිස් බව කොච්චරක්ද කියලා කියනවා නම්, දෙරණේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදියට වැඩ කරන සංඛ අමරජිත් කියන මේ මනුස්සයා කිසිම විනයක් නැති, අවම මාධ්‍ය සදාචාරයක්වත් නොරකින ‘හිස්’ මිනිහෙක් කියලා කිහිප වතාවක් ඔප්පු කළා.

එක්තරා නිදහස් දිනයක සංස්කෘතික සංදර්ශනයක, දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා සංගීත ශෛලියට ගායනා කළ සිදුවීමට මොහු එදිනට පසු දින වැඩසටහනකදී ඉතා නින්දිත අයුරින් එම ගායිකාවට අපහාස කර තිබුණා.

සංඛ විතරක් නෙමෙයි…. දෙරණේ බහුතරය අන්න ඒ වගේ තත්ත්වයක තියෙන්නේ. ඕනෑම සාකච්ඡාවක් වුනත් උපරිම උත්සහ කරනවා කුණු රහක් ඇදලා ගන්න. එහෙම බැරි නම් සාකච්ඡාවට එන පුද්ගලයාව අපහසුතාවට පත් කරලා ඒ වැඩසටහන් ඉදිරිපත් කරන්නෝ පුදුම වින්දනයක් ලබනවා….

පහුගිය දවසක චතුර අල්විස්, වැඩසටහනක විවේකයක් අතරතුර කරපු දෙයක් සමාජ මාධ්‍යවලට මුදාහැරලා තිබුණා, කවුද කලේ කොහොමද කලේ කියන එක ගැන තාම හරියට කවුරුත් නොදන්නවා වුනත්, ඒ කරපු දෙයින් එළි වුනේ චතුරගේ වගේම දෙරණේ නිරුවත….

ඇත්තටම තුච්චයි…. අසික්කිතයි….

මනුසත් දෙරණ, ආගමික වැඩසටහන් සහ ඒ ආශ්‍රිත සුදු හුණු ගා ගැනිලි කරලා මේ වැසිකිළි පද්ධතිය වහගන්න හැදුවට, ඇත්තටම මොළයක් තියෙන මේ රටේ මිනිස්සුන්ට ඒවා නොතේරෙනවා කියලා ඔයාලා හිතන්න එපා…

මාධ්‍ය කියන්නේ රටක දෙවැනි ආණ්ඩුව වගේ වුනාට…. ඇත්තටම මේ මාධ්‍ය ශ්‍රී ලංකාවේ මෙතෙක් දේශපාලන ඉතිහාසය වගේම හෝ ඊටත් වඩා අසික්කිතයි….


සැලකිය යුතුයි –

ඉහත ඇති වීඩියෝව සංස්කරණය කර ඇත්තේ අප විසින් නොවන අතර, යලි සංස්කරණ නොකර විහිලුවට ලක් කරන කොටස් ඉවත් නොකළේ, ඒ විරෝධය සඳහා ඇති හොඳම විදියක් නිසාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button