දේශීය

රුවන්පුර වන වගාවේ ගින්නකින් අක්කර 10 ක් විනාශයි

හැටන් රුවන්පුර මහවැලි ජනපද ගම්මානයට යාබදව පිහිටි වන වගා භූමිය තුල ඊයේ (16) පෙරවරුවේ ඇති වු ගිනි ගැනීමක් නිසා අක්කර 10 ක් පමණ විනාශ වු බව හැටන් අඩවි වන හා වන සංරක්ෂණ නිලධාරීන් පවසති.

හැටන් අඩවිවන හා වන සංරක්ෂණ කාර්යාලය යටතේ පාලනය වන හැටන් – රුවන්පුර මහවැලි ජනපදයට මායිව පවත්වාගෙන යන මෙම වන වගා භූමිය තුල සාරවත්ව වැඩුන යුකැලිප්ටස් හෙවත් රෙඩ් ගම් නමැති දැව වගාවක් සේම යටි රෝපනයක් ලෙස මානා හා වෙනත් වටිනා පැලැටි වලින් ගහන ප්‍රදේශයකි. ස්වභාවික ජල පෝෂක ප්‍රදේශයක් වන අතර එලවළු, තේ, පළතුරු හා වෙනත් බෝග වගාව ජීවනාලිය කර ගත් රුවන්පුර ගොවි ජනතාව කෘෂීකර්මාන්තය සදහා ජලය ලබා ගන්නා වගා ලිං හා ජල උල්පත් රැසක් එම ප්‍රදේශයේ පිහිටා තිබේ.

එදින උදෑසනම කිසියම් හේතුවක් නිසා හටගෙන ඇති ගිනි ගැනිම සවස් වනවිට බෝ හෝ ප්‍රදේශයක් පුරා පැතිර ගොස් තිබුණි. එයින් ශාඛ දැවී ගොස් ඇති අතර සත්ත්වයින්ද දැවී මියයන්නට ඇත. එමෙන්ම ජල නල වලට විශාල වශයෙන් හානි වී ඇත. වගා භුමිය ආසන්නයේ තේ හා බෝග වගා ආරක්ෂා කර ගැනිමට ගම්වාසින් යුහුසුළුව කටයුතු කර ඇත.

එමෙන්ම හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකක, ගින්න නිවා දැමිමට එම ස්ථානයට පැමිණියද ගිනි නිවන රථය වන භූමිය දක්වා ධාවනය කල නොහැකි වූ නිසා එම නිලධාරින්, ලවන සංරක්ෂණ නිලධාරින්, පොලිසිය හා ගම්වාසින් එක්ව කොල අතු උපයෝගි කර ගනිමින් මහත් පරිශ්‍රමයක් දරා ගින්න පාලනය කිරීම ට කටයුතු කරන ලදි.


චන්න අද්දරගේ
(හැටන්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button