දේශීය

මන්ත්‍රී ලේකම්ගේ පහර දීමට වන්නිල ඇත්තන්ගේ විරෝධය

තම පරම්පරාවේ සෑම ගමකම සෑම නායකයෙක්ටම ඒ ගම් ආරක්ෂා කරගන්න බලය අයිතිය තියෙන බවත් ගමට අසාධාරණයක් විනාශයක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳ කථා කරන්න අයිතිය එම ගම්වල සියලු නායකයන්ට තිබෙන බව ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිල ඇත්තන් පවසයි. ඔහු මේ බව පැවසුවේ බිබිල රතුගල ගම්මානයේ නායක සුදාවන්නිල ඇත්තන්ට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් දඹාන කොට බකිණිය ගම්මානයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සිය අදහස් දක්වමිනි.

“එහෙම කථා කරාම ඒ නායකයන්ට මරණීය තර්ජන හා ප්‍රහාරයන් එල්ල වෙනවානම් එතැන සාධාරණයක් නැහැ. මේ රටේ වත්මන් නායකයෝ මේ අවස්ථාවේදී කොහොමද කටයුතු කරන්නේ කියලා මම බලාගෙන ඉන්නවා. අපිට එල්ල කළ මේ ප්‍රහාරය පිළිබඳව මම ජාත්‍යන්තරයත් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා”

යැයි එහිදී ආදිවාසී නායක, විශ්ව කීර්ති ඌරුවරිගයේ වන්නිල ඇත්තන් පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වන්නිල ඇත්තෝ,

“මගේ වරිගේ අය දිස්ත්‍රික්ක 6ක, ගම් 62ක ඉන්නවා. ඒ ගම් 62 නායකයන් 62ක් ඉන්නවා. 15 හවස මට ආරංචි උනා බිබිල රතුගල ගම්මානයේ ආදිවාසී නායක සුදා වන්නියා ඇත්තන්ට පහරදීමක් වෙලා තියෙනවා කියලා. ඒ නායකතුමාගේ බිරිද තමයි මට මේ බව කිව්වේ. පස්සේ මම ඒ ගැන හොයලා බැලුවා. මට ආරංචි වුනා මන්ත්‍රිවරයෙක්ගේ ලේකම් කෙනෙක් තමයි මේ පහරදීම කරළා තියෙන්නේ කියලා. ඒකට හේතුව සුදා වන්නියා ඇත්තන්ගේ වත්තේ මිදුලෙන් පාරක් ඉල්ලලා තියෙනවා ඇළේ වැලි ගොඩදාන්න වාහන ගෙනියන්න. ඒ ඇත්තෝ ඒ ප්‍රදේශයේ සිදුවන පරිසර හානි පිළිබද මීට කලිනුත් කථා කරලා තියෙනවා. වැලි ගොඩදාන වැඩෙන් විශාල පරිසර විනාශයක් සිදුවෙනවා. ඇලදොළ වල ඉවුරු සෝදාපාලු වෙනවා. ගස් කොලන් විනාශයට පත්වෙනවා කියලා, ඇළේ වතුර හිදෙනවා කියලා ඒ ඇත්තෝ මාධ්‍යයටත් කථා කරලා තිබුණා. එහෙම කථා කරා කියලා තමයි මන්ත්‍රීවරයෙකුගේ ලේකම් මේ ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ.

මේ අපේ ගම්වලත් ඇළ දොළවල්වල හොරට වැලි ජාවාරම් හරි හරියට කෙරෙනවා. වැලි ජාවාරම් ගැන කථා කරා කියලා බිබිල ආදිවාසී නායක සුදා වන්නියා ඇත්තන්ට පහරදීලා, මරණ තර්ජන කරනවානම් ඒක අපේ ආදිවාසී පරම්පරාවටම සිදු කරපු ලොකු නිග්‍රහයක්. මේ රටේ පාලකයන් අපේ පරම්පරාව පරිසරය ගැන කථා කරනවානම් මේවාට නීතිය ඒ අකාරයටම ක්‍රියාත්මක වෙන්න ඕන. බලවතාට එක නීතියක් දුප්පතාට එක නීතියක් ලෙස රටේ නිති දෙකක් ක්‍රියාත්මක වීම කොහොමත්ම සිදුවිය යුතු නෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button