දේශීය

ගෝඨාභයගේ විනිසුරු ලයිස්තුව අනුමතයි

ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා නව විනිසුරුවන් 06 දෙනකු පත් කිරීමට ඊයේ (10) රැස් වූ පාර්ලිමේන්තු සභාව නිර්දේශ කර තිබේ. විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු කෙරෙන පළමු පත්වීම් ලෙස අදාළ නම් නිර්දේශ කර තිබෙනවා.
ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කරන ඒ.එම්.ඩී. නවාස් සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන් ලෙස කටයුතු කරන කුමුදුනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි, මහින්ද සමයවර්ධන සහ  පාස්කු කොමිසමේ සභාපති විනිසුරු ජනක් ද සිල්වා නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ලෙස පත් කිරීමට පාර්ලිමේන්තු සභාව නිර්දේශ කර තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවන් ලෙස පත් කරන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා මීට ඉල්ලීමක් කර තිබුණද, එම නිලධාරීන්ට අවස්ථාවක් ලබාදී නැතැයි ද වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම සතියේදී
මෙම පත්කිරීම් සිදු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button