දේශීය

පාසල් ප්‍රශ්න පත්‍රයට මාලිමාව ගැන ප්‍රශ්න දැමූ අයටත් ප්‍රශ්නයක්

පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත්ව තිබීම සම්බන්ධව අමාත්‍යාංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ සී.ඩබ්.ඩබ්. කන්නංගර මධ්‍ය මහා විද්‍යාලයේ දෙවැනි වාර පරීක්ෂණයේදී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්‍ෂණ ප්‍රශ්න පත්‍රයකටයි මෙසේ ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයට සම්බන්ධ ප්‍රශ්න පහක් අන්තර්ගත කොට ඇත්තේ.

ලේකම්තුමිය වැඩිදුරටත් සඳහන් කළේ සමාජය තුළ කතාබහට ලක් වී ඇති මෙම ප්‍රශ්න පත්‍රය සකස් කර ඇත්තේ අදාළ පාසලෙන්ම බවත්, ඒ සඳහා අමාත්‍යාංශ මට්ටමින් හෝ වෙනත් ආයතනික මට්ටමකින් හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

එසේම අමාත්‍යාංශ මට්ටමින් සිදුකරනු ලබන විධිමත් පරීක්ෂණයකින් පසුව ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා බවද ඇය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button