දේශීය

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබන සතියේ මහජන උපයෝගිතා කොමිසමට

විදුලි බිල අඩු කිරීම සම්බන්ධ නව යෝජනාවලිය ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට ලබා දෙන බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පවසනවා.

www.janayugaya.lk අප කළ විමසීමකදීයි ඒ මහතා මේ බව සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මීට පෙර මෙම ගාස්තු අඩු කිරීම සම්බන්ධ යෝජනා කොමිසමට ඉදිරිපත් කළද, එම යෝජනාවලිය යළි සකස් කර පසුගිය 08වැනි දා දිනට ඉදිරිපත් කරන්නැ’යි දැනුම් දී තිබුණු බවයි.

නමුත් ගණනය කිරීම් කිහිපයක් වෙනුවෙන් ඒ සඳහා තවත් දින දාහතරක් ලබා දෙන ලෙස විදුලි බල මණ්ඩලය විසින් කොමිසමට ඉල්ලීම් කිරීමෙන් නව විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබන සතියේ උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කරන බවයි ඔහු සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button