දේශපාලන
රෑට කොට්ටය බදන් අඬන අය ගැන ජනපති කියූ කතාව.
පවුල් දේශපාලනය ගෙන ගිය පිරිස් මැතිවරණ පරාජය දරා ගත නොහැකිව රෑට කොට්ටය බදාගෙන අඬනවා ඇතැ’යි සිතෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව ප්රකාශ කළේ අද (11) දින ගම්පහ ප්රදේශයේ පැවති ජන හමුවක් අමතමිනුයි.
එක පවුලකින් තවත් පවුලකට බලය මාරු කර ගනිමින් චිරාත් කාලයක් පාලනය කරගෙන යාමට සිතාගෙන සිටියත්, නොසිතූ ආකාරයට බල පෙරළියක් සැප්තැම්බර් 21 සිදු වූ නිසා, අද වන විට ඔවුන් විශාල කම්පනයකට පත්ව දරාගත නොහැකි වේදනාවකින්, කෝපයකින් පසුවන බවයි එතුමා වැඩි දුරටත් පවසා සිටියේ .
අනෙකුත් පක්ෂ නිතරම මාලිමාවේ මෙම පරිවර්තනය බිඳ දැමීමටත්, නතර කිරීමටත් කල්පනා කළද, ජනතාව ප්රාර්ථනා කරන්නේ ආරක්ෂා කර, දිනවීමට බව කියූ ජනාධිපතිතුමා ඉන් ඇත්තටම සිදුවන්නේ ජනතාව එකතු වී අනෙකුත් පක්ෂ බිඳ වැට්ටවීමක් බව ද සඳහන් කළා.