දේශීය
විදේශ සේවා නියුක්ති කාර්යාංශය අසළ අද දහවල් උණුසුම් තත්ත්වයක් ඇති වීමට හේතු මෙන්න
E8 නම් කොරියාවෙන් ලැබුණු වීසා එක හිමි 107දෙනෙකුගේ වීසා අහෝසි කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය කොරියාවට ලියුමක් ඉදිරිපත් කර ඇති බව කියමින් අද (11) දින එම කාර්යංශය අසළ විරෝධතාවක් පැවැත්වුණා.
ඊට එක් වූ විරෝධතාකරුවකු පැවසුවේ E8 නම් කොරියන් වීසා එක හිමි පමණක් පිරිස්ගේ වීසා කල් ඉකුත් වී ඇති බවත්, විදේශ සේවා කාර්යාංශය මගින් එසේ පැමිණි වීසා අහෝසි කිරීම කළ නොකළ යුතු බවත්ය.
ජනපති අනුර කුමාර දිසානායක මහතාට හා කැබිනට් අමාත්‍යවරුන්ට ලියුම් මගින් මේ පිළිබඳ දැනුවත් කළද, ඊට කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවත් දින 10 ක් ඇතුළත මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙස එම විරෝධතාකරුවන් ඉල්ලා සිටියා.