දේශීය

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි ජීවන ගමන නිම කරයි…!

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සමන් වග ආරච්චි අද (15) අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ ඔහු පෙළුණු පිළිකා රෝගී තත්වය හේතුවෙන්.

යුක්තිය පුවත්පතේ විශේෂාංග කර්තෘවරයා වශයෙනුත් ලක්බිම පුවත්පතේ කර්තෘවරයා වශයෙනුත් ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා වශයෙනුත් කටයුතු කර තිබුණු ඔහු නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක ලේකම්වරයා ද වුණා.

ඔහුගේ සේවයට අපගේ උත්තමාචාරය පුදකරන අතරම, ඔහු පැතූ විමුක්තිය ලැබේවා යයි ප්‍රාර්ථනා කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button