දේශීය

ඡන්දෙ වෙලාවට තියාගන්න ඕනෙ නිසා අපේ ජීවත එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න තවමත් ප්‍රමාද නෑ

කොරෝනා වසංගතය තවත් දේශපාලන වාසියට යොදාගන්න එපා කියලා කිව්වට ඒක අපේ රටට හරියන්නෙ නෑ. අපේ රටේ හුස්ම ගන්න එකත් දේශපාලන ව්‍යාපෘතියක්. ආණ්ඩුව තමන් කොරෝනා තත්වය පාලනය කරගෙන තියෙනවා කියලා පෙන්නන්න දෙන උත්සාහය, විපක්ෂ ඒක එහෙම වෙලා නෑ කියලා කියන්න දෙන උත්සාහයත් එකම කාසියක දෙපැත්ත. මේ වෙලාවෙ හැමෝම පක්ශ බේද නොබලා මේ වසංගතය පැතිරෙන එක වලක්වන්න ආන්ඩුවට උදව්වෙන්න ඕනෙ.

හැබැයි ආණ්ඩුවත් හරි පියවර සුදුසු වෙලාවට ගන්න ඕනෙ. එහෙම නැති වුනහම විවේචනය කරන්න වෙනවා.

කොරෝනා බලපෑම අපේ රටට ආවේ ටිකක් පහුවෙලා. ඒ කියන්නෙ අපිට අනිත් අයට වඩා ලෑස්ති වෙන්න වෙලාව තිබුණා. තොග ගනනින් පිටරට ඉදන් කට්ටිය මෙහෙට එනකොට ඒකට කරන්න ඕනෙදේ ගැන සූදානමක් තිබුනෙ නෑ. ඒක නිසයි මාර්තු මාසේ මුල ආපු බොහෝ අය ඒකට අහුනොවුනෙ. නිරෝධායනයට මුලින්ම තෝරගත්ත තැන දේශපාලන බලපෑම් වලට කරපු උද්ඝෝෂණ නිසා වෙනස් කරනවා. ඒකෙන් වැඩේ තවත් පරක්කු වෙනවා. ඔක්කොම සූදානම් කරගෙන නිරෝධායනය පටන්ගන්නකොට ගුවන් තොටුපලෙන් පිරිසක් පැනලා යනවා. ඒක ඒ අයගේ මෝඩකම සහ වගකීමක් නැති කම කියලා අමතක කලාට ඒක අදාල බලධාරීන්ගෙන් වෙච්ච ලොකු වරදක්. පැනලා ගිය අය සහරාන්ලට සමාන කරනවනම් පැනලා යන්න ඉඩ තිබ්බ අය සහරාන්ලා බෝම්බ ගහනකල් බලන් හිටපු අය වගේ කියලා තමයි කියන්න වෙන්නෙ.

තවමත් රටවල් ගනනාවකට ගුවන්තොටුපළ ඇරලා. චීනුන්ට කිසිම අවුලක් නැතුව රටට එන්න පුලුවන්. චීනුන් නිරෝධායනය කරන්නෙ නැත්තෙ ඇයි කියලා ප්‍රශ්න කළාම, ඒ අය මේ වසංගතය පාලනය කරපු හැටි ගැන වර්ණනා කරනවා ඒත් ඒ ක්‍රමය මෙහෙ කරන්නෙ නෑ.

අපිට චීනෙට වගේ පහසුකම් නෑ. ඒ නිසා ආසාදිතයින් අසූදාහක් ගිහින් චීනය තත්ත්වය පාලනය කරගත්තා කියලා අපිට ඒ තත්වයට මේක වර්ධනය වෙන්න දෙන්න පුලුවන්ද?

රටේ හැමෝම එකවර අනිවාර්ය නිරෝධායනයකට යවන්නෙ නැත්තේ අපිටත් දවසෙන් දෙකෙන් තාවකාලික ඉස්පිරිතාල හදන්න පුලුවන් කියලා හිතලද?

එක දවසක නිවාඩුවක් දීලා අපි මේ ගැන යමක් කළා කියලා කියන එක හැර වෙන ප්‍රතිඵලයක් තියෙනවද?

ඡන්දෙ වෙලාවට තියාගන්න ඕනෙ නිසා අපේ ජීවත එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න තවමත් ප්‍රමාද නෑ.


ආශිර්වාද පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button