දේශීය

අවුරුදු 13 ක දැරියක් අපයෝජනය කළ බවට චෝදනා ලත් මන්ත්‍රී, පොදු ජන පෙරමුණෙන් නෙරපයි

සෙවනගල ප්‍රදේශයේ වයස අවුරුදු 13 ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක රණවීර පක්ෂයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන තිබෙනවා.

ඒ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ උපදෙස් මතයි.

පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක රණවීරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට අදාල ලිපිය මේ වනවිට යොමු කර තිබෙන බවයි සඳහන්.

මෙම තොරතුරු ද දැනගන්න :

මීට අමතරව පක්ෂයෙන් නෙරපා හැරීමට අදාළ නීතිමය කටයුතු සිදු කිරීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් අවශ්‍ය විධි විධාන සලස්වා තිබෙන බවත් සඳහන්.

පොලිසිය මඟ හරිමින් සිටි තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක රණවීර ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සෙවනගල පොලීසිය කටයුතු කර තිබුණා.

ඒ අනුව ඔවුන් ලබන 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button