ප්‍රධානවම චර්මච්ඡේදනය කියන්නේ අවුරුදු දහස් ගණනක් තිස්සේ කරගෙන එන චාරිත්‍රයක්. චරම්ච්ඡේදනයෙදී සිදු කරන්නේ පිරිමි පුරුෂ ලිංගයේ අග තියෙන පෙර සම කොටස කපලා ඉවත් කරන එකයි. දැනට භාවිතා වෙන සරල සිංහල භාෂාවෙන් කිව්වොත් කොණ කපනවා කියන්නේ මෙන්න මේකටයි.
සාමාන්‍යයෙන් ඉස්ලාම් ආගමිකයෝ මේක ආගමික චාරිත්‍රයක් විදියට කරන දෙයක්.
චර්මච්ඡේදනයෙන් පස්සේ වාසි වගේම අවාසි කිහිපයකුත් තියෙනවා.
ප්‍රධානම අවාසිය තමයි පුරුෂ ලිංගයේ සංවේදී තාවය අඩු වෙන එක. එහෙම වෙන්නේ පෙර සම කපලා ඉවත් කලාම ශිෂ්ණ මුණ්ඩය නිතරම ඇඳුමේ ස්පර්ශ වෙලා මතුපිට සිනිඳු සම රළු වුනාම. එතකොට දැනෙන හැඟීම අඩුවෙනවා. හැබයි බොහෝ වෙලාවක් සංසර්ගයේ යෙදෙන්න පුළුවන් වෙනවා. පෙර සම ඉවත්කිරීමේ සැත්කම කරපු අලුතම විෂබීජ ඇතුළු නොවෙන ලෙස තුවාලය සුව වන තෙක් ප්‍රවේසම් කරගන්න සිදුවෙනවා. එසේ නැති වුනොත් විෂබීජ ආසාදනය නිසා විවිධ සංකුලතා ඇතිවෙන්න පුළුවන්.
ඒ වගේම පෙර සම ඉවත් කිරීමේ වාසි කිහිපයකුත් තියෙනවා. ශිෂ්ණ පිළිකා, සිපිලිස්, ගොනෝරියා, හර්පීස් සහ HIV AIDS අවදානම 60%කින් පමණ අඩුවෙන බව පර්යේෂණ වලින් සොයාගෙන තිබෙනවා. පෙර සම ඉවත් කිරීම නිසා ශිෂ්ණ මුණ්ඩය මත එක්රැස්වන කුණු සහ විෂබීජ පහසුවෙන් ඉවත් කර පිරිසිඳු කර ගැනීමටත් හැකිවෙනවා. එම නිසා ඒවායින් සෑදෙන රෝග වලිනුත් ආරක්ෂා වීමට හැකි වෙනවා. ගැහැණු කෙනෙකුට චර්මච්ඡේදනය කල පුරුෂයෙකු සිටින අවස්ථා වලදී HPV සහ ගර්භාෂ පිළිකා අවම වීමත් සිදුවෙනවා.
අලුත උපන් දරුවෙකුගේ පෙර සම කපා ඉවත් කිරීමේදී අධික වේදනාවක් දරුවාට උහුලන්නට සිදුවීම කණගාටුවට කරුණක්. ළදරුවෙකු ලෙස චර්මච්ඡේදනය ලැබූ පිරිමින් සමහරක් ඔවුන්ගේ වැඩිමහලු වියේදී තමන්ට සිදු කරලා තිබෙන්නේ වධ හිංසාවක්, මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්, ලිංගික අතවරයක්, විකෘති කිරීමක් වශයෙන් ප්‍රකාශ කල අවස්ථාද තිබෙන බව විකිපීඩියා විශ්ව කෝෂය සඳහන් කරනවා.
වර්තමාන ජනගහනයෙන් සියයට 37ත් 39ත් අතර ප්‍රමාණයක් පිරිමි පාර්ශවය චර්මච්ඡේදනය කරගෙන තියෙනවා කියලත් වාර්තා වල සඳහන් වෙනවා.
මුල් කාලයේදී චර්මච්ඡේදනය සිදුකරලා තියෙන්නේ ලිංගික සතුට අඩු කිරීමටත් ස්වයං වින්දනය කිරීම අධෛර්යමත් කිරීමටත් කියලා සඳහන් වෙනවා. එහෙම කරලා තියෙන්නේ ලිංගික එක්වීමෙන් සහ ස්වයං වින්දනයේ යෙදීමෙන් මානසික සහ ශාරීරික ගැටළු ඇතිවූ බවට එකල ජනතාව විශ්වාස කරපු නිසාලු. කොහොම නමුත් චර්මච්ඡේදනය ඉතිහාසයේ එක් ආගමකට හෝ ජනවර්ගයකට සීමා වෙන්නේ නැහැ. ක්‍රිස්තු පූර්ව හතරවන සියවස තරම් ඈත ඉතිහාසයේ සිටම අරාබියාවේ මෙම සංස්කෘතිය තිබිලා තියෙනවා. ඊජීප්තුවේ පැරණි සොහොනක ඇඳ ඇති සිතුවම් පිරික්සූ විට එහි ඇති රූප අනුව මෙම චාරිත්‍රය ක්‍රිස්තු පූර්ව 2400 – 2300 දක්වා අතීතයකට දිව යන බවත් පවසන්න පුළුවන්.