සමාජ

වෛරස ත්‍රස්තවාදයක් සීග්‍රයෙන් ආක්‍රමණය කරන ලකුණු

නිරිත දිග මෝසම් තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තා විම ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

එය වසංගත තත්ත්වයක් බවට පත් විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කඩින් කඩ ඇතිවන වැස්සත් සමඟ පරිසරය තුළ මදුරුවන් බෝවිය හැකි ජලය රැදුණු ස්ථාන සුලභව ඇතිවිය හැකි බැවින් ඩෙංගු මදුරුවන් බෝවීමද ඉහළ යා හැකිය.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, මාතර හා රත්නපුර මේ වන විට ඩෙංගු අවදානම් වැඩි දිස්ත්‍රික්ක ලෙස හදුනාගෙන ඇත.

එබැවින් මෙම දිස්ත්‍රික්ක තුළ ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති විමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බව සඳහන් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button