සමාජ

මුස්ලිම් අයට කොරෝනා අවධානම වැඩියි….

(මෙය වෛද්‍ය විද්‍යාත්මක ලිපියක් නොවන අතර සමාජ විද්‍යාත්මක කියවීමකි)

කොරෝනා වගේ වෛරස් එකකින් වැඩිපුරම බලපෑමක් ඇතිවෙන්න පුලුවන් community එකක් තමයි මුස්ලිම් community එක. ඒකට හේතු කිහිපයක් තියෙනව.

  • සාමාන්‍යයෙන් මුස්ලිම් ජනතාව කුඩා ප්‍රදේශයක් තුළ ඉතා විශාල පිරිසක් (විශාල ජන ඝනත්වයක් සහිතව) ජීවත්වෙනව.
  • එක ගෙයක් ඇතුලෙ පවුල් කිහිපයක්, ඒ කියන්නෙ සාමාන්‍යයෙන් දහයක් දොළහක් එකට ජීවත්වෙනව.
  • මුස්ලිම් ජනතාව තමන්ගෙ community එකත් එක්ක ඉතා සහයෝගයෙන් එකමුතුව වැඩ කරන පිරිසක්.

කොරෝනා නෙවෙයි සාමාන්‍යය අසනීපයක් උනත් රෝහල්වලට යන බෙහෙත් ගන්න ප්‍රමාණය සාපේක්ෂව ඉතා අඩුයි. ඒකට හේතු කිහිපයක් තියෙනව ප්‍රධාන වශයෙන්ම එයාලගෙ ආහාර රටාව නිසා අවශ්‍ය කරන පෝෂනය ප්‍රතිශක්තිකරණ හැකියාව ලැබෙනව. අනිත් එක තදබල ආගමික විශ්වාසය.

මුස්ලිම් community එකේ දකින්න තියෙන සාමාන්‍යය කරුනු ටිකක් උඩ කිව්වේ. ඒ කරුනු මෙච්චරකල් ඒ community එකේ ශක්තිය විදියට තිබුන දෙයක්.

Covid19 පැතිරීමට මූලිකවම හේතුවෙන පසුබිම මුස්ලිම් ප්‍රජාවෙ ජීවන රටාවෙ තියෙනව. (ලංකාවෙ අනිත් communityවලට සාපේක්ෂව වැඩියි) ඒක ඒ මිනිස්සුන්ගෙ වරදක් නෙවෙයි. අවුරුදු ගානක් ඒ මිනිස්සු ගොඩනැගුන හැටි නිසා ඇතිවෙච්ච සංස්කෘතිය.

Covid19 වලින් විශාල බලපෑමක් ඇතිවෙන්න පුලුවන් ජන කොටස විදියට ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව හඳුන්වන්න පුලුවන්. එහෙම කියල කියවෙන්නෙ නෑ අනිත් අය සුරක්ෂිතයි කියන එක. Covid19 වලට ජාති බේද…. ආගම් බේද නෑ…. පාට බේද නෑ…. පක්ෂ විපක්ෂ බේද නෑ…. Covid19 වලට spread වෙන්න පසුබිම තියෙනවනම් ඒක හොඳටම ඇති..

මේ වෙලාවෙ පොදු හතුරා වෙන්නෙ Covid19 මිසක වෙනත් ජාතියක් හෝ ආගමක් නෙවෙයි. ඔක්කොම එකතුවෙලා fight කරන්න ඕනි Covid19 වලට විරුද්ධව මිසක තමන්ගෙ අසල්වැසියගෙ සංස්කෘතියට විරුද්ධව නෙවෙයි.

අපි මේ යන්නෙ නැවක. ඒ හබල් ගාන්නෙ මේ රටේ ජීවත්වෙන සියලු ජාතින්වල මිනිස්සු. නැව හබල් ගාන එක එලා කොටාගෙන නැව මුහුදෙ ගිල්ලවනවද එහෙම නැතිනම් එහා ඉවුර වෙනකම් නැව පදවනවද කියන එක තීරණය කරන්න වෙනවා.


සුජිත් ප්‍රියන්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button