සමාජ

රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති තුමා නපුන්සකයෙක්ද? මෙන්න ඇත්ත දැනගන්න

ලංකාව කියන්නේ මහා අමුතු රටක්. කසාද බැඳපු දෙන්නෙකුට ළමයි නැත්නම් ඒ අය වඳයි, එහෙමත් නැත්නම් පිරිමියා නපුංසකයෙක් කියලා ලේබල් ගහනවා. හැබැයි කාටවත් එහෙම කරන්න අයිතියක් තියෙනවද? එහෙම අයිතියක් තිබුනත් නැතත් කිසිම පිටස්තර මිනිහෙක්ට ඒවා අදාළ නැහැ. හැබැයි අපේ අයගේ අධ්‍යාපන මට්ටම එක්ක, බොළඳ දුර්වල මානසිකත්වය එක්ක තමන්ගේ මතය අනුව ඕනෑම කෙනෙකුට අපහස කරන්න අපේ අය දෙපාරක් හිතන්නේ නැහැ.

“නපුංසක තාවය” කියන්නේ ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝම් (klinefelter syndrome) කියන ජාන විකෘති තත්වය. ඒ තත්වය තියෙන අයව බොහෝ විට පිටතින් බැලූ බැල්මට කියන්න පුළුවන්. නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ එහෙම ගැටළුවක් බාහිරව පෙනෙන්න නැහැ.

අනික එතුමාට හෝ ඕනෑම කෙනෙකුට දරුවන් නැති වූ පලියට “පොන්නයා” වගේ නින්දිත විදියට අපහස කිරීම හරිම අප්‍රසන්නයි. ම්ලේච්ඡයි. දරුවන් නැති වීම වෙනත් ස්වභාවික හෝ කෘතීම බලපෑම් මත සිදුවෙන කාරණා නිසා වෙන්න පුළුවන් දෙයක් වගේම, කසාද බැඳපු පලියට ළමයි හදන්න ඕනේ කියලා නීතියක් කොහෙවත් නැහැ.

අපි මේ කතා කරන්නේ එතුමාගේ දේශපාලනය ගැන නෙමෙයි. එතුමාගේ දේශපාලනය අපගේ මේ මාතෘකාවට අදාළ නැහැ. ඒ වගේම එතුමාගේ දේශපාලනයට ලිංගිකත්වය, ලිංගික රුචිකත්වය හෝ පුද්ගලික දේවල් කොහෙත්ම අදාළ නැහැ. ඒක මහ ජනතාවටත් අදාලම නැහැ.

කෙනෙකු සමඟ පවත්වන ලිංගික සම්බන්ධතාවයකදී හැර කෙනෙකුගේ ලිංගික රුචිකත්වය හෝ ලිංගිකත්වය ගැන කිසිවෙකු කරදර වෙන්න ඕනේ නැහැ වගේම, ප්‍රශ්න කරන්න ඒ ගැන විවේචන කරන්න හෝ අපහස කරන්න කිසිවෙකුට අයිතියක් නැහැ. ලිංගික සම්බන්ධතාවයකදී වුනත් කැමැත්ත සහ ලිංගිකත්වය ගැන දැනුවත් වීම හැර කිසිම කෙනෙකුට අපහස කරන්න ලිංගිකත්වය ආයුධයක් කරගන්න කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ.

ඉහත රූපයේ පෙනෙන පරිදි කෙනෙකුට අපහස කිරීම අපහාසයට ලක්වන පුද්ගලයාගේ ගැටළුවක් නොව අපහාස කරන පුද්ගලයන්ගේ සමාජීය හෝ මානසික ගැටළුවක් කියන එකත් මතකයේ තියාගන්න. විවේචන කිරීමට නිදහස තිබුනත් කිසිවෙකුට අපහස කිරීමට නීතියෙන් නිදහසක් හෝ අවසරයක් නැහැ කියන එකත් අමතක කරන්න එපා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිංගිකත්වය මොකක්ද කියන්න අපි දන්නේ නැහැ. අපිට ඒවා වැඩකුත් නැහැ. නමුත් ලෝකයේ සමලිංගික රාජ්‍ය පාලකයන් හිටියා සහ දැනටත් ඉන්නවා කියන එක දැනුවත් වෙන්න. සමලිංගිකත්වය කියන්නේ තවදුරටත් අපරාධයක් නොවන බවත් අවබෝධ කරගන්න. ඒ වගේම සමලිංගිකයන් කියන්නේ සාමාන්‍ය මනුෂ්‍යයන් බවත් වටහා ගන්න.

සමලිංගිකත්වය ශ්‍රී ලංකාවේ මානව සමාජය විසින් පිළිගතයුතු වන්නේ ඉන්දියාව එය අපරාධයක් ලෙස නොසැලකූ නිසා හෝ UN එක විසින් එය අපරාධයක් ලෙස නොසලකන නිසා නොවෙයි. සමලිංගික පුද්ගලයන්ද සාමාන්‍ය මනුෂ්‍යයන් බව අවබෝධ කරගත යුතු නිසයි.

මෙම දේශපාලනික වාතාවරණය යටතේ මේ ලිපිය කිසිසේත්ම කඩේ යාමක් නොවන බවත් කාරුණිකව සලකන්න.


උපුටා ගැනීම sexedu.lk වෙබ් අඩවියෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button