රාජපක්ෂලා මේ රටේ ප්රජාතන්ත්රවාදයට ගරු නොකරන පිරිසක් බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා පැවසිය.
චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ ඊයේ(25) හැටන් හිල්සයිඩ් හෝටලයේ පැවති මාධ්‍යය හමුවක් පවත්වමින්ය.
මෙම මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ,
ගොඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා “අපි ප්රජාතන්ත්රවාදය රැක ගැනිම සඳහා කටයුතු කළා“ කියලා, යුද්ධය ඉවර කිරිමම ප්රජාතන්ත්රවාදය නැති කිරිමක්…. ඒ වගේම ඔහු කියනවා “අපි මාධ්යයවේදින්ටම ඉඩ දුන්නා, ලියන්න ඉඩ දුන්නා….” කියලා මේ යෝධයාට සිහි කල්පනාවක් නැද්ද, රාජපක්ෂලාගේ පවුලේ උන්ට සිහි කල්පනාවක් නැද්ද, අමතක විමේ රෝගයක් තියෙනවද….?
යුද්ධය පැවති කාලයේත් මේ රටේ ජනතාව ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කලා, මේ රටේ ජනතාව ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනි සිටියා, ව්‍යවස්ථාවේ ප්රජාතන්ත්රවාදි ගුණාංග රැක ගන්න කටයුතු කලා. ප්රජාතන්ත්රවාදය නැති වුණේ යුද්ධෙන් පස්සේ….
බවයි….