“මම ශ්‍රී ලංකා ටුවරිසම් එකේ අධ්‍යක්ෂකවරයෙක් නෙමෙයි” – ඉරාජ් කියයි

lankanewsweb.org වෙබ් අඩවියේ පළවී තිබුණු “ජනතා මුදල් විනාශ කරමින් රටට කොරෝනා ගෙනා අමන තකතීරු දිලිත්, ඉරාජ් වහා අත්අඩංගුවට ගනු !. නීතියට බයෙන් වීඩියෝවත් ඉවත් කරගෙන… රටම විනාශ කළ කොරෝනාවට දොර විවෘත වූ හැටි” නම් ලිපිය හේතුවෙන්, ඉරාජ් වීරරත්න තම twitter ගිණුමෙහි සටහනක් තබා තිබුණා.
ඒ තමන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයෙක් නොවෙයි (“I am not a Director for Sri Lanka Tourism”) ලෙසයි.
I am not a Director for Sri Lanka Tourism. I have no involvement with the above commercial that was published. Shame on the UNP and SJB for publishing and promoting such malicious lies during a national crisis #lka https://t.co/B8VSJHxaxE @fernandoharin @sajithpremadasa @Dilith2
— IRAJ (@irajonline) March 20, 2020
මේවනවිට එම twitter සටහන ඉවත් කර ඇති අතර, එම සටහනට හේතු වී ඇත්තේ ඉහත පුවතේ සඳහන්වන පරිදි ඉරාජ් වීරරත්න සහ දෙරණ මාධ්‍ය ආයතනයේ හිමිකරුවෙකුවන දිලිත් ජයවීරගේ Triad ආයතනය සමඟ එක්ව නිර්මාණය කළ සංචාරක ප්‍රවර්ධන වීඩියෝවකි. එම වීඩියෝව නිසා මෙවන් ගෝලීය වසංගත තත්වයක් තුලදී වැඩි වැඩියෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට රුකුල් වූ බවට චෝදනා කරමින් පළවූ පුවත උපුටා දක්වමින් ඉරාජ් වීරරත්න ඒ බව පවසා තිබුණි.
නමුත් මේ වනවිට එම සටහන ඉවත් කරගෙන ඇති අතර, පසුගිය දිනවල ඔහුට ජනාධිපතිවරයා විසින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා එම කාර්යංශයෙහි අධ්‍යක්ෂක ධූරයක් ලබා දුන් බව, ඉරාජ් වීරරත්න විසින් මෙන්ම බොහෝ මාධ්‍යවලින් වාර්තා කර තිබුණා.
මේ එම තනතුර ලැබුණු අවස්ථාවේ ඔහු facebook live පැමිණ ඒ පිලිබඳ පැවසූ ආකාරය.
https://www.facebook.com/irajw/videos/1165040700352473/
නමුත් දැන් ඔහු එවැනි තනතුරක් දරන්නේ නැති බව ඔහු විසින්ම පවසා තිබෙනවා.
ඇත්ත වශයෙන්ම ඔහුට ලැබී තිබෙන්නේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂක ධූරයක් නොව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන බියුරෝ (Sri Lanka Tourism Promotion Bureau) හි අධ්‍යක්ෂක ධූරයක් පමණි. ඒ බව පහත ලිපියේ පැහැදිලිව සඳහන් වෙනවා.