දේශීය

කොරෝනාට එරෙහිවෙන්න අලුත් යෝජනා කිහිපයක්

ශ්‍රී ලංකාව තුල කොරෝනා ව්‍යාප්තිය අවම කිරීමට මෙරට ඉහල පෙලේ බටහිර වෛද්‍යවරුන්ගේ සංගමයක් විසින් රජයට නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

නිරෝධායනයට ලක් කෙරෙන පුද්ගලයන් විශේෂඥ වෛද්‍ය කමිටුවක නිර්ණායක යටතේ පරීක්ෂා කර රෝගය වැළඳී ඇති පුද්ගලයින් හුදකලා කර ප්‍රතිකාර කිරීම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රජයට කර ඇති නවතම යෝජනාවේ ඇතුලත්ව ඇත.

එහිදී පවුලේ අනෙක් පුද්ගලයන් හා සමාජය සමග පවතින සම්බන්ධතාව වළකිනු ඇති බවටයි ඔවුන් විශ්වාස කරන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත කර ඇති පරිදි කොරෝනා රෝගීන් හඳුනා ගැනිමේ පරීක්ෂණ නැවත නැවතත් සිදු කළ යුතු බවටත් රජයේ වෛද්‍ය සංගමය රජයට යෝජනා කර සිටියි.

ගුවන්තොටුපොළ යළි විවෘත කිරිමෙන් පසුව මෙරටට පැමිණෙන පුද්ගලයන් හට වෛරසය අසාදනය වී නැති බවට තහවුරු කර ගන්නා ලෙස සහ ඔවුන් නිරෝධායනයට යොමු කරන ලෙසද එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

ඒ හරහා වෛරස රට තුලට ඇතුල්වීම වළක්වා ගත හැකි බවටයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩි දුරටත් අවධාරණය කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button