පීඩාකාරී බවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් කැප වෙනවා
ඉදිරි පුනරුද යුගයට ගැළපෙන පුරවැසියන් බිහි කිරීමට සමත් සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරී බවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් වත්මන් ශිෂ්‍ය සම්පත මෙහෙයවීමට කැප වෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළේ; අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩ භාර ගනිමින්.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, අධ්‍යාපනය වැනි විෂයක් සම්බන්ධ අමාත්‍ය ධුරයක් භාර ගැනීමට ලැබීම සම්බන්ධ ව නිහතමානී ව සතුටු වන බවත් එසේම එම විෂයේ පවත්නා භාරදූර භාවය ද තමා මැනවින් අවබෝධ කරගෙන සිටින බවයි.
අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනිමින් අග්‍රාමාත්‍යතුමිය දැක්වූ අදහස් පිළිබඳව අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය මඟින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නිවේදනය පහතින්.
නව පුනරුද යුගයට උචිත පුරවැසියන් බිහි කිරීමට සමත් සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරී බවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් කැප වෙනවා – උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනිමින් ආචාර්ය හරිනී අමරසූරිය අග්‍රාමාත්‍යවරිය පවසයි
ඉදිරි පුනරුද යුගයට ගැළපෙන පුරවැසියන් බිහි කිරීමට සමත් සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරීබවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් වත්මන් ශිෂ්‍ය සම්පත මෙහෙයවීමට කැප වෙන බව අද දින පෙරවරුවේ ‘ඉසුරුපාය’ – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අභිනව රජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍ය ධුරය භාර ගනිමින් ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය පැවසී ය.
එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ අධ්‍යාපනය වැනි විෂයක් සම්බන්ධ අමාත්‍ය ධුරයක් භාරගැනීමට ලැබීම සම්බන්ධ ව නිහතමානී ව සතුටු වන බවත් එසේ ම එම විෂයේ පවත්නා භාරදූර භාවය ද මැනවින් අවබෝධ කරගෙන සිටින බවත් ය.
නව රජයේ ප්‍රතිපත්ති අනුව ඉහළ ප්‍රමුඛත්වයක් අධ්‍යාපනයට ලබා දී ඇති අතර පාසල් අධ්‍යාපනය නිසි ක්‍රමික රටාවකට හා කාලසටහනකට අනුව සාර්ථක ව ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍යවරිය පැවසී ය.
එමගින් දරුවන්ට සතුටින් අධ්‍යාපනය ලැබිය හැකි පරිසරයක් සකස් කර දිය යුතු ව ඇති අතර ඊට අවශ්‍ය වන පරිදි වර්තමානයේ අධ්‍යාපන ක‍්ෂේත්‍රය තුළ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කළ යුතු ව ඇති බවත් සියලු දෙනාගේ නොමඳ සහාය ඒ වෙනුවෙන් අත්‍යවශ්‍ය බවත් ඇය වැඩිදුරටත් පැවසී ය.
අද දිනයේ දී ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කේ. එම්. ජී. එස් එන්. කලුවැව මහතා ‘ඉසුරුපාය’ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී එම ධුරයේ වැඩ භාරගත් ගත්තේ ය.
මාධ්‍ය ඒකකය