දේශීය

කාත්තන්කුඩියේ සිට පාපැදියෙන් අගමැතිනි හරිනි බලන්න ආ සිසුවියගෙන් ඉල්ලීමක්

කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා සිසුවිය අද (14) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංදේශයක් භාර දී තිබෙනවා. 

ළමුන් සහ තරුණ පරපුර පීඩාවට පත්කර ඇති මත්ද්‍රව්‍ය අර්බුදයට එරෙහිව සහ ළමා අපයෝජන වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඇය මෙම සංදේශය භාරදී ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

එම අවස්ථාවේ දී අගමැතිනිය එම සිසුවිය සමග සුහද කතා බහක ද නිරත වී තිබෙනවා.

එසේම ඇයගේ ඉල්ලීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම රජයේ වගකීමක් බව ද අගමැතිනිය එහිදී සඳහන් කර ඇති අතර, ඇයට අගමැතිනියගෙන් ප්‍රශංසා ද හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button