සුධර්ශනී බන්ධනාගාරයෙන් නෙරපා – හතරවෙනි ඇමති ලෙස සෞඛ්‍යට
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ එම ධුරයෙන් ඉවත් කර තිබේ.
අද (30) ඇය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.
කෙසේ නමුත් එම පත් කිරීම රාජ්‍ය අමාත්‍යධුරයක කටයුතු කළ ඇය, එම ධුරයෙන් ඉවත් කොට කිසිදු ධුරයක් නොදී තැබිය නොහැකි නිසා කරනු ලැබූ පත් කිරීමකට හා සමාන පත් කිරීමකි. ඇය මෙලෙස පත් වන්නේ සෞඛ්‍ය විෂය භාර තුන්වන රාජ්‍ය හා සිව්වන අමාත්‍යවරයා ලෙසයි. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට අමතරව නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි, මහාචාර්ය චන්න ජයසුමන,, නීතීඥ සිසිර ජයකොඩි යන අය අමාත්‍යවරුන් ලෙස කටයුතු කරමින් සිටින අතර, එහි කැබිනට් අමාත්‍යරයා වන්නේ පවිත්‍රා වන්නිආරච්චිය.
ප්‍රනාන්දුපුල්ලේ මෙලෙස තනතුරෙන් ඉවත් කරනු ලැබූයේ ඊයේ මහර බන්ධනාගාරයේ සිදු වූ සිදුවීමක් හේතුවෙන් රැදවියන් 8 දෙනෙකු මිය ගොස් තවත් පනස් දෙනෙකු තුවාල ලබා ඇති පසුබිමක වීම විශේෂත්වයකි. ඇතැම් විට, එහි වරද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මත පැවරීමේ ඉගියක් ලෙස මෙම තනතුරු වෙනස හදිසියේම සිදු වූවා විය හැකිය.
කෙසේ නමුත්, බන්ධනාගාරය තුළ මෙම සිදු වීම සිදු වන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අමාත්‍යවරුන් තිදෙනෙකු හා අමාත්‍යාංශ හතරක් ක්‍රියාත්මක වන පසුබිමකය.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ද අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සරත් වීරසේකර ද කටයුතු කරන අතර අදාල අමාත්‍යාංශ දෙකේම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වෙන් වෙන්ව අවස්ථා දෙකකදී චමල් රාජපක්ෂ දිවුරුම් දී තිබේ. බන්ධනාගාර විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රිය.
අද පාර්ලිමේන්තුවේ දී අමාත්‍ය විමල් වීරවංශ කියා සිටියේ මෙම කැරැල්ල කුමන්ත්‍රණයක් බවයි. එසේම, පිටතින් ගෙන ආ පෙති වර්ගයක් පාලනය කිරීමෙන් පසු සිරකරුවන් මෙලෙස කලහකාරී ලෙස හැසිරුණු බව ඔහු කීවේය. තත්ත්වය එසේ නම්, එය ජාතික ආරක්ෂාවේ විශාල හිඩැසකි. දේශීය හෝ විදේශීය පිටස්තර කණ්ඩායමකට අධි ආරක්ෂිත ආයතනයක් වන බන්ධනාගාරයක් තුළ කැරැල්ලක් කුමන්ත්රණාකාරී ලෙස සංවිධාන කිරීමට හැකියාව පවතින්නේ නම් ද පිටතින් මත්පෙති එම බන්ධනාගාර තුළට ගෙන යා හැකි නම් ද එය සුළුකොට තැකිය නොහැකි ජාතික ආරක්ෂාවේ බිද වැටීමකි.
කෙසේ නමුත්, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පෙරවරුවේ කියා සිටියේ සිරකරුවන් විසින් ඖෂධ ගබඩාව කඩා බෙහෙත් පෙති වර්ගයක් පාලනය කර ඇති බවයි. තත්ත්වය එසේ නම් විමල් වීරවංශයේ පාර්ලිමේන්තු ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුව හා ජනතාව නොමග යවා ඇත.
මේ වන විට මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය යටතේ කමිටුවක් පත් කර ඇති නමුත්, රාජ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යවරයකු ක්‍රියා නොකරන හෙයින් තවදුරටත් එවැනි අමාත්‍යාංශයක් හෝ අමාත්‍යංශයේ ලේකම්වරයා බලාත්මකව කටයුතු කරන්නේ දැයි ප්‍රෙහේලිකාවකි. සාමාන්‍යෙයන් අමාත්‍යාංශයක් බිහි වන්නේ අමාත්‍යවරයකු සමග වන අතර අමාත්‍යවරයකු නොමැතිව අමාත්‍යාංශයක් පැවතීමේ තාක්ෂණයක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානේ නොපවතියි.
කෙසේ නමුත්, මේ පිළිබද රහස් පොලීසිය හා තවත් කණ්ඩායම් විසින් ද පරීක්ෂණ ආරම්භ කර ඇත.