බන්ධනාගාර ගැටුම ගැන ‘ආණ්ඩුවේ වර්ශන් එක’
මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති රෝහලේ ඖෂධ ගබඩාවේ තිබූ සමහර බෙහෙත් වර්ග කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් භාවිත කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන එක්නායක පවසයි.
අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ඔහු තවදුරටත් පැවසුවේ, කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් බන්ධනාගාරය තුළ පිහිටි බොහෝ දේපලවලට හානි කර ඇති බවය.
මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 2,750ක් සිටින බවත් ඉන් දඬුවම් ලැබූ රැඳවියන් සහ රිමාන්ඩ් රැඳවියන් 1600ක් පමණ වන බවත් ද ඔහු පැවසීය.
ආහාර ගන්නා ස්ථානයේ දී එම 1600ක පමණ පිරිස එකතු වී දොරවල් කඩාගෙන එළියට පැමිණ බන්ධනාගාරයේ ඉදිරිපිට දොරටුව ඉදිරිපිටට රැස්ව පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලීම් කර තිබේ.
අනතුරුව බන්ධනාගාර අධිකාරීවරයා හා තවත් නිලධාරීන් ගොස් සාකච්ඡා සිදුකර ඇති නමුත් රැඳවියන් නිලධාරීන්ට පහර දීමට වටකර ගෙන ඇති බවත් පසුව විශාල වශයෙන් ගල් හා පොලු ප්‍රහාර එල්ල කරමින් පැනයෑමට උත්සහ කළ බවත් චන්දන එක්නායක පැවසීය. ඒ අවස්ථාවේ දී අවවාද කළත් පාලනය කර ගැනීමට නොහැකි වු බැවින් රබර් උණ්ඩ යොදා වෙඩි තැබූ අතර, පසුව යම් බලයක් යොදා එම තත්ත්වය පාලනය කිරීමට සිදුවු බවත් පැවසු ඒ මහතා බන්ධනාගාර බෙහෙත් ගබඩාවේ තිබු මානසික රෝග සඳහා පාවිච්චි කරන බොහෙත් සහ අනෙකුත් සියලු පෙති වර්ග රැඳවියන් විසින් පානය කර ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
ඉන් අනතරුව ඔවුන් වඩාත් ප්‍රචණ්ඩව හැසිරුණු බවත් පසුව ඔවුනොවුන් කලහකාරී ලෙස හැසිරෙමින් බන්ධනාගාරය තුළ විශාල හානියක් සිදුකළ බව ද අදාළ සිද්ධියෙන් බන්ධනාගාරයට සිදුව ඇති හානිය පිළිබදව තක්සේරු කිරීම සඳහා වෙනම කමිටුවක් පත්කර ඇති බව ද චන්දන ඒකනායක සඳහන් කළේය.
මේ අතර, මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ, එම ගැටුම්කාරී තත්ත්වය ඇති කිරීමට මුල් වී ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රිමාන්ඩ් රැඳවියන් බවය.
එසේම ඖෂධ ගබඩාවේ මානසික ආතතියට සහ නිද්‍රාජනක ඖෂධ පෙති 21,000 පමණ තිබී ඇති බවත්, එම පෙති රැඳවියන් විසින් භාවිත කර ඇති බවත් දැනට තුවාල ලබා රෝහල්ගත කර සිටින සමහර රැඳවියන් ඒ හේතුවෙන් ව්‍යකූලත්වයෙන් හැසිරෙන බව ද එමෙන්ම ඖෂධ පෙති මෙපමණ ප්‍රමාණයක් එම බන්ධනාගාර රෝහලට ගෙන ආවේ කුමන හේතුවක් මත ද යන්න පිළිබඳවත් පරීක්ෂණයක් පැවැත් වීමට නියමිත බව ද ඔහු පැවසීය.
මේ අතර මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් 187 දෙනෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ විශේෂිත ස්ථානයක් වෙත රැගෙන ආ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මහර බන්ධනාගාරයේ සිදුවූ අදාළ සිද්ධියට මහර බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකු සම්බන්ධ වී ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.
මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලබා රෝහල්ගතව සිටි තවත් රැඳවියෙකු මියගොස් තිබුණි. රාගම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ ඒ අනුව අදාළ සිද්ධිය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 9 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවය.
බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 108 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
මේ වන විට රෝහල්ගතව සිටින රැඳවියන් අතරින් රැඳවියන් 38 දෙනෙකු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍ය සරත් ප්‍රේමසිරි පැවසීය