දේශීය

රත්නපුරයේ ISIS භීතිකාව ඇතිකළ හාමුදුරුවෝ කළ වරදට පසුතැවෙයි….

රත්නපුර නගරය ඡායාරූපගත කිරීම නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අනුෂ්ක දිල්හාර ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන්යෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තමන් බලපෑම් නොකළ බවත් තමන්ට අකිසිදු අවශ්‍යතාවක් නොතිබූ බවත් රත්නපුර සංගමය බෝධි විහාරාධිපති මෝදරවානේ ඥානකිත්ති හිමි පවසා තිබේ.

ඔවුන්ට සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් කණගාටු වන බව ද සඳහන් කළ නරකින් තමන්ට අවශ්‍ය වූයේ පොලිසියේේ හැසිරීමට විරෝධය පල කිරීමට බව ද පෙන්වා දුන්හ. ඊට හේතු වූයේ මේ සිද්දියට වඩා පොලිසිය පෙර අවස්ථා දැන් ගණනාවකදී ඇහැසිරුණු ආකාරය බවද පවත අප කළ විමසීමකදී උන්වහන්සේ පවසා සිටියහ.

අනුෂ්ක දිල්හාර ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අධිතාක්ෂණික කැමරා උපකරණ භාවිතා කරන රත්නපුර නගරය ඡායාරූප ගත කළේ නඟරයට ප්‍රහාරයක් එල්ල කිරීමට බවත් ඔවුන් අයියා අයියේ සංවිධානය සමග සම්බන්ධකම් පවත්වන බවත් මේ හිමියෝ මුලදී චෝදනා කළහ රත්නපුර පොලිසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරෙමින් වහන්සේඋන්වහන්සේ ඇතුළු පිරිසක් සැකකරුවන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තමන්ට ලබා දෙන ලෙස පොලිසියට බලපෑම් කර තිබිණි.

අනුෂ්ක දීලා ගේ පියා වන නන්දසේන කළුපහන පෙන්වා දුන්නේ මෝදරවානේ ඥානකිත්ති හිමියන් තමන් කළ වරද සම්බන්ධයෙන් දැන් පසුතැවෙන බවද උන්වහන්සේ විසින් අනුෂ්ක දිල්හාරා ගේ පියාට පවසා තිබිණි.

සංවිධානයේ ක්‍රියාකාරිත්වය සහ ඇමරිකාව ප්‍රමුඛ රටවල් එය මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් ගවේෂණය කරමින් සිටි ධනුෂ්ක දිල්හාර ඇතුළු සැකකරුවන්ට එරෙහිව ප්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කර තිබුණේ රත්නපුර පොලීසියෙනි. කෙසේවෙතත් චෝදනා සංශෝධනය කිරීමට පොලීසිය අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණු අතර නඩුව ලබන 24 වැනිදා යළි කැඳවීමට නියමිතය.


ශාලික විමලසේන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button