දේශීය

වැලිකඩ සමූහ ඝාතන නඩුව අහන්නට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

සත් වසරකට ඉහත දී වැලිකඩ බන්ධනාගාරයේ විසි හත් දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවරෙන නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුගෙන් ඉල්ලා තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරික්ෂකවරයෙකු ලෙස කටයුතු කළ නියෝමාල් රංගජීව, වැලිකඩ බන්ධනාගාරයේ හිටපු අධිකාරී එමිල් රංජන් ළමාහේවා සහ වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි ඒකකයට අනුයුක්තව සේවය කළ ඉමදූවගේ ඉන්දික සම්පත් යන අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත.

චෝදනා 33 ක් යටතේ නීතිපතිවරයා විසින් මොවුන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

2012 වසරේ නොවැම්බර් මස 9 දා රජයේ ආරක්ෂක අංශ වැලිකඩ සිරගෙදරට කඩා වැදී සහ සිරකරුවන් අතර ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වු අතර හතළිහකට නොඅඩු පිරිසකට තුවාල සිදුවිය.

එම ඝාතන පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද කමිටුවේ විමර්ශන වාර්තාව විශ්‍රාම ලත් විනිසුරු නිමල් නම්බුවසම් අගමැති රනිල් වික්‍රමසිංහ හමුවේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත භාර දෙන ලද්දේ 2015 ජුනි මසදීය.

සිව් වසරක් ගත වී ඇතත් මේ තාක් එම වාර්තාව ප්‍රසිද්ධියට පත් කර නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button