දේශීය
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු වේ.
මන්නාරම සිට කන්කන්තූරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී, තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි ඔවුන් පවසන්නේ.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිර හෝ ඊසාන දෙසින් පැ.කි.මී. 15 – 30 ත් පමණ වේගයකින් හමන බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති වී මුහුද සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු වන බවයි .