දේශීය

දික්අරාව රක්ෂිතයේ ගින්නක්…. අක්කර 10ක් දැවී යයි….

බණ්ඩාරවෙල, දික්අරාව රක්ෂිතයේ ඊයේ (05) රාත්‍රී කාලයේ හටගත් හදිසි ගින්නක් හේතුවෙන් එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.‍

ප‍්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හා දැඩි සුළං හේතුවන් මෙම ගින්න රක්ෂිතය පුරා පැතිර ගොස් තිබූ බවට පොලිසිය විසින් වාර්තා කරයි.

කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් රක්ෂිතයේ සිටින වන සතුන් දඩයම් කිරීම සඳහා හෝ විනෝදය සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව පොලිසිය අනුමාන කරයි.

ගින්න සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.

සබැඳි ලිපි

Back to top button