දේශීය

කිරි සහිත අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදා හැරීමෙන් විශාල පරිසර හානියක් සිදු කරන යෝගට් කර්මාන්ත ශාලාවක්

කොටගල ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන දිඹුල බෝගහවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අංශයේ යෝගට් සහ චිස් නිෂ්පාදනාගාරයකින් ඉවතලන කිරි සහිත අපද්‍රව්‍යය මහවැලි ගඟට මුදා හැරිම නිසා විශාල පරිසර හානියක් සිදු වෙමින් පවතින බව ප්‍රදේශවාසින් පවසනවා.

මෙම යෝගට් සහ චිස් නිෂ්පාදනාගාරයෙන් ප්‍රදේශයේ කිරි ගොවියන්ගෙන් සහ පෞද්ගලික සත්ත්ව ගොවිපොලවල් වලින් මිලදී ගන්නා දියර කිරි වලින් දිනපතා විශාල වශයෙන් යෝගට් සහ චිස් නිෂ්පාදනය කරනවා.

යෝගට් සහ චිස් නිෂ්පාදනය කිරිමේදි ඉන් ඉවතලන කිරි සහිත අපද්‍රව්‍යය කිසිඳු පරිසර ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් එම කර්මාන්ත ශලාවේ බලධාරින් විසින් සෘජුවම මහවැලි ගඟේ ප්‍රධාන අතු ශාඛාවක් වන කොත්මලාඔයට සම්බන්ධ බෝගහවත්ත ප්‍රදේශයේ සිට කර්මාන්ත ශාලව අසලින් ගලා යන බෝගහවත්ත ඇළට දිනපතා මුදා හරින බවත් දැකගැනීමට හැකියි.

බෝගහවත්ත ප්‍රදේශයේ සිට කොත්මලාඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගය දෙපස වතු නිවාස ගණනාවක් පිහිටා ඇති අතර, මෙසේ අපද්‍රව්‍යය ඇළ මාර්ගයට මුදා හැරිම නිසා ප්‍රදේශයේ දැඩි දුගන්ධයක් මෙන්ම විශාල පරිසර හානියක් සහ එම ඇළ මාර්ගයේ පණුවන් විශාල වශයෙන් බෝ වි තිබිම නිසා එම ඇළ මාර්ගයේ ජලය පරිහරණය කිරිමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව ප්‍රදේශවාසින් කියා සිටිනවා.


චමත් කාවින්ද

ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button