විශේෂාංග

කුරුණෑගල හෙදියගේ ගර්භාෂය ඉවත් කලේ කවුද….? ලොකු පටලැවිල්ලක්….

වඳ සැත්කමේ ඇත්ත නැත්ත…. අවබෝධයෙන් කියවන්න. කුමන්ත්‍රණය හඳුනා ගන්න.

”දැනට තියන තොරතුරු අනුව සාෆි සමග වැඩ කළ සිංහල කාර්ය මණ්ඩලයේ කට උත්තර සාෆිට එරෙහි බොරු පැමිණිලි කරුවන්ගේ රෙදි ගලවා ඇති බව ආරංචියි.”

වෛද්‍ය සාෆිට එරෙහි චෝදනා අද වන විට බූමරංගයක් බවට පත්වී ඇත. හෙළි වෙමින් පවතින කරුණුවලින් මෙම නින්දිත සැලසුම දියත් කල කුමන්ත්‍රණකරුවන්ට තරුපෙනීමට පටන්ගෙන ඇති බව වාර්තා වේ.

වෛද්‍ය සාෆිටත් ඒ හරහා සමස්ත මුස්ලිම් ජනයාටත් ISIS ලේබල් ඇලවීමේ කොන්තරාත්තුව ඉටුකරමින් සිටි මාධ්‍ය ත්‍රස්තවාදය ද දැන් ටිකෙන් ටික දියාරුවීමට පටන්ගෙන ඇත.

සාෆි සම්බන්ධ ප්‍රශ්ණයේදී මාධ්‍ය මුලින්ම වරද්දා ගත්තේ ඔහුව නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් VOG ලෙස හැඳින්වීමෙන් ය.

සාෆි වී.ඕ.ජී. කෙනෙකු නොවන අතර ඔහු MBBS තත්වයේ සාමාන්‍ය වෛද්‍යවරයෙකි. කුරුණෑගල රෝහල ගත්කල එහි වී.ඕ.ජී. කෙනෙකු යටතේ වෛද්‍යවරු 4 දෙනෙක් සේවය කරති. මොවුන් SHO (Senior House Officer) නමින් හඳුන්වනු ලබයි. සාෆි මේ හතර දෙනාගෙන් එක්කෙනෙකි.

මොවුන් ට අමතරව Intern House Officer නම් වූ වෛද්‍යවරු දෙදෙනෙක් මාස හයකට වතාවක් මාරුවෙන් මාරුවට පත්කරනු ලැබේ.

Case 01 :

කුරුණෑගල රෝහලේ ම සේවය කළ හෙද නිලධාරිනියක් ඇයගේ පැමිණිල්ල ඉදිරිපත් කරමින් තමන්ට වෛද්‍ය සාෆි සිසේරියන් සැත්කම කල බවත්, දින කිහිපයකින් තමන් රෝගාතුර වී නැවත වාට්ටුවට ඇතුලත් කල බවත් ඉන්පසු නැවතත් ශල්‍යාගාරයට ගෙනගොස් තමන්ට නොදැනීම තමාගේ ගර්භාෂය ඉවත් කර ඇති බවටත් පැමිණිලි කරමින් තමන්ගේ අතින් ම ලියන ලද ලිපියක් ඉදිරිපත් කර ඇත.

මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ ප්‍රවෘත්ති විකාශනයේදීද සඳහන් කෙරිණි.

මෙතන ගැටළුව වී ඇත්තේ ගර්භාෂය ඉවත් කිරීම වැනි ශල්‍යකර්මයක් සඳහා තීරණ ගනු ලබන්නේ සහ සිදුකරනු ලබන්නේ අනිවාර්යයෙන්ම VOG කෙනෙකු වීම ය.

අදාල කාල වකවානුව තුළ වෛද්‍ය සාෆි ගේ අධීක්ෂකවරුන් ලෙස ක්‍රියාකර ඇත්තේ පහත සඳහන් VOG විශේෂඥ වෛද්‍යවරු ය.

1. Dr Upali Jayawardena (VOG – Now Retired)
2. Dr Pathini Sekara (VOG – Now in kurunagala)
3.Dr Susantha Amarasinghe – VOG TH Kurunagala
4. Sumith warnasooriya VOG TH Kurunagala
5.Periyapperuma VOG Now in Gampaha
6.Dr Peshala Dangalla VOG
7.Dr Gunasinghe. VOG
8. Dr Ekanayake VOG At Damulla

Case 02 :

සිසේරියන් සැත්කමින් පසු ඇස් පෙනීම දුර්වල වූ බවට චෝදනා නගන කාන්තාව,

මේ චෝදනාව පදනම් විරහිත ය. ගර්භනී අවදියේ ඇතිවන අධික රුධිර පීඩනය වන Pre – eclampsia තත්වය උපරිම තත්ත්වය ට පත්වන විට ඇස් පෙනීම දුර්වල විය හැකිය. මෙය අධීක්ෂණය කල යුත්තේ සහ වගකිවයුත්තේ ඒ ශල්‍යකර්මය බාර VOG වෛද්‍යවරයාය.

Case 03 :

Welcome Drink ලෙස කොළපාටින් යුතු පානයක් බීමට ලබාදීම,

මෙය කුරුණෑගල රෝහලේ සාමාන්‍ය පිළිවෙතකි. මෙය හදිසි සීසර් සැත්කම් කිරීමේ දී උදරයේ ආහාර රැඳී තිබේ නම් එය දිරවීම සඳහා ලබාදෙන දියරයකි. මෙහි යම් වැරද්දක් ඇතොත් එයට වගකිවයුත්තේ රෝහල් පාලනාධිකාරිය යි.

Case 04 : (Many Cases)

2018/2019 කාලවකවානුවේ දී දරුවන් ලැබූ කාන්තාවන් බොහෝ දෙනෙක් තමන්ට නිසියාකාරව ඔසප් Menses සිදුනොවූ බවට පැමිණිලි කරන්නට පටන්ගෙන තිබේ. කිරි දෙන මවුවරුන් ට මේ ආකාරයේ යම් යම් ගැටළු මතුවීම සාමාන්‍ය තත්ත්වයකි. තවද ඔවුන් උපත් පාලන එන්නත් ලබාගනී නම් මෙම තත්ත්වය තවත් උග්‍ර විය හැකිය.

මෙහි හාස්‍යජනක කරුණ නම් ඒ 2018/2019 කාල වකවානුවේ දී වෛද්‍ය සාෆි කුරුණෑගල රෝහලේ සේවයේ නිරත නොවූ බවයි. (දඹුල්ල රෝහලට ස්ථාන මාරුවක් ලැබ සිටියේ ය)

Case 05 : (Many Cases)

දෙවෙනි සහ තුන්වෙනි දවස්වල කරන ලද පැමිණිලි බහුතරයක් සීසර් කිරීමෙන් පසු නොකඩවා කොන්දේ කැක්කුමක් තිබෙන බවට වූ පැමිණිලිය. මෙය සීසර් සැත්කම සඳහා පිටකොන්ද ප්‍රදේශයට දෙනු ලබන එන්නත සහ සාමාන්‍යෙන් කාන්තාවන්ට ඇතිවන ආර්තරයිටිස් රෝග තත්වය ය නිසා ඇතිවිය හැකි තත්වයකි.

මෙයට චෝදනා කරන්නේ නම් චෝදනා ලැබිය යුත්තේ නිර්වින්දන කිරීමේ Anaesthetist වෛද්‍යවරයා මිස වෛද්‍ය සාෆි නොවේ.

Case 06 : (Many Cases)

රෝහලේ අනෙකුත් සියලු වෛද්‍යවරුන්ට තරු පෙනීමට පටන් ගත්තේ කුරුණෑගල රෝහලේ සිසේරියන් සැත්කම් කල පසු දෙවෙනි දරුවා නොලැබීම ගැන පැමිණිලි කිරීමට පෝලිමේ පැමිණි කාන්තාවන්ගේ රෝග විනිශ්චය කාඩ් පත පරීක්‍ෂා කිරීමේදී ය.

ඔවුන්ගෙන් බහුතරයකගේ ශල්‍යකර්ම සිදුකර තිබුනේ වෙනත් සිංහල ජාතික වෛද්‍යවරුන් ය. (අකමැත්තෙන් වුවත් “සිංහල වෛද්‍යවරු” යන්න යෙදීමට සිදුවූ බව සලකන්න)

මෙයට හේතුව Theatre list එකට අනුව සේවා මාරුව Rotation අනුව SHO වරුන් 4 දෙනා මාරුවෙන් මාරුවට පැමිණෙන නමුත් මුහුණු ආවරණය Masks පැලඳීම නිසා වාට්ටුවේදී වෛද්‍ය සාෆි හඳුනගත් මවුවරුන් ට Theatre එක තුළ දී අදාල වෛද්‍යවරයා හඳුනාගත නොහැකි වීමය.

මෙහිදී බහුතරයක් සීසර් සැත්කම් සිදු කර ඇත්තේ වෙනත් සිංහල වෛද්‍යවරුන් ය.
(අකමැත්තෙන් වුවත් නැවතත් “සිංහල වෛද්‍යවරු” යන්න යෙදීමට සිදුවූ බව සිහිකරමි)

සත්‍ය වසන් කිරීම සඳහා, පැමිණිලි ඉදිරිපත් කරන අවස්ථාවේ අදාල Diagnosis Card හි තොරතුරු වෙනස් කර සැත්කම සිදු කලේ වෛද්‍ය සාෆි බවට සාවද්‍ය ආකාරයට පැමිණිලි ලබාගන්නා බවට මධ්‍යස්ථ හෙද නිලධාරියෙක් පැවසීය.

මේවා අවු 10 ක් පමණ පැරැණි සිදුවීම් නිසා රෝහල් ලේඛන පරීක්‍ෂා කර තොරතුරු ලබාගැනීම ද කල නොහැක. ඊට හේතුව අවුරුදු පහෙන් පහට 5 පැරැණි ලේඛන BHT විනාශ කරනු ලබන නිසා ය.

Case 07 :

අනෙත් කරුණ නම් වෛද්‍යවරයෙක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබූනු විට කල යුත්තේ ඒ සම්බන්ධයෙන් SLMC යට සහ වෛද්‍ය අමාත්‍යාංශය ට දන්වා ඔවුන් මාර්ගයෙන් පැමිණිලි විභාග කිරීම ය. (කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීර බණ්ඩාර විමල් වීරවංශ ගේ ආධාරකරුවෙකි)

මොවුන් ගේ අසික්කිත ජාතිවාදී අරමුණු සාක්ෂාත් කරගැනීමේ උපාය වූයේ, මේ පිළිබඳව කලින් ම මාධ්‍ය ට දන්වා ඒ ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීමට යන බව කියමින් GMOA ගේ සහය පැතීම ය. GMOA ද සුපුරුදු පරිදිම රටේ සුලුජාතිය බිල්ලට දී මහ ජාතිය බේරාගැනීමේ ජාතිවාදී දේශපාලනය කලහ.

Case 08 :

ලැබුණු පැමිණිලි සංඛ්‍යාව ඉතා අඩු වූ බැවින් වෛද්‍ය සාෆි ගෙන් සීසර් සැත්කම් සිදුකර අවු 2 හෝ 3 ක් වන කාන්තාවන් ද පොලඹවා ගනිමින් (ඔවුන් දෙවෙනි දරුවෙක් හැදීමට තාමත් සූදානම් නැත – උපත් පාලන ඖෂධ ලබා ගනී) ඔවුන් තුළ සැකයක් ඇතිකර පරීක්‍ෂා කරගැනීම සුදුසු යැයි පවසා ඔවුන් ව බිය ගන්වා ඔවුන්ගෙන් ද පැමිණිලි ලබාගනිමින් සිටී.

මෙම කාන්තාවන් හුදෙක් සැකය නිසාම පැමිණිලි කරන බවට පවසන ආකාරය දෙරණ ප්‍රවෘත්ති විකාශනයේදී පවා දැක ගත හැකි විය.

යථාර්තය :

ඇත්තෙන්ම සිසේරියන් හෝ සාමාන්‍ය දරු ප්‍රසූතියෙන් පසු දෙවෙනි දරුවා නොලැබී යාමට හැකි සම්භාවිතාව 5-7% බවට රටවල් ගණනාවක සිදුකළ පර්යේෂණවලින් හෙලි වී තිබේ. මෙයට හේතු රාශියක් ඇත (ගූගල් කර බලන්න)
මේ ආකාරයට සිසේරියන් සැත්කමෙන් පසු තවත් දරුවෙකු ලබාගැනීමට නොහැකිව සිටින බොහෝ මවුවරුන් අප අතර සිටිති.

අනෙත් කාරණය නම් මේ කාන්තාවන්ට දෙවෙනි දරුවෙක් ලැබීමට ප්‍රමාද වූවා නම් අවුරුදු 8 ක් 10 ක් යනකල් ඔවුන් ඒ ගැන පරීක්ෂණයක් කර නොගත්තේ මන්ද ? එසේ කර ඇත්නම් ඊට සම්බන්ධ පරීක්ෂණ වාර්තා නොපෙන්වන්නේ ඇයි ?

සාමාන්‍යයෙන් දරු ඵල නොමැති අවස්තාවක මුලින්ම සැමියාගේ ශුක්‍රාණු පරීක්ෂණ Sperm Test කරනු ලැබේ. දෙවන පරීක්ෂණය ලෙස අදාල කාන්තාවගේ පැලෝපියන් නලය පරීක්‍ෂා කිරීමේ HSA or Lap & Dye පරීක්ෂණය කරනු ලැබේ. මෙය කර තිබුනා නම් බොහෝ කලකට පෙරම මොවුන් ට සැබෑ තත්වය පැහැදිලි වන්නට ඉඩ තිබුණි. ඔවුන් එසේ නොකලේ මන්ද යන්න විශාල ගැටළුවකි.

රාජපක්ෂ වෛද්‍යවරුන්ගේ විරෝධය !

දැනටමත් මේ පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමට අමාත්‍ය රාජිත සේනාරත්න විසින් VOG විශේෂඥ වෛද්‍යවරුන් 6 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇත. මේ කමිටුවේ වාර්තාව මගින් බොහෝ කරුණු කාරණා එලිවීමට නියමිතය.

මේ වාර්තාව පිටවුවහොත් වැඩ වරදින බව දන්නා රාජපක්ෂ පාක්ෂික GMOA වරුන් මේ වාර්තාව පිලිනොගැන සිටීමටත් තමන්ට අවශ්‍ය පරදි වෙනම පරීක්ෂණ කණ්ඩායමක් පත්කරගැනීමටත් උත්සාහ දරමින් සිටී.

මොවුන්ගේ තර්කය අනුව මොවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ චෝදනාකරුවන්ට ම තීන්දුව දීමට ද හැකිවන පරිදි කමිටුවක් පත්කර ගැනීම ය. ඒ මගින් කෙසේ හෝ වෛද්‍ය සාෆි වරදකරු කිරීම ය.

එසේ වරදකරු වුවද මේ සියල්ල ට වගකිවයුත්තේ අදාල සැත්කම් බාර VOG වරයා ය. නමුත් ඔවුන් සියලු දෙනා මේ පිළිබඳ මුනිවත රැකීම මහත් සැකයට තුඩුදෙන්නකි.

අනාගතය :

මොවුන් වෛද්‍ය සාෆිගෙන් නවතින්නේ නැත. මේවනවිට සියලු මුස්ලිම් VOG වරුන් ඉලක්ක කරමින් සමාජ මාධ්‍ය තුළ විශාල මඩ ප්‍රචාරයක් දියත් වෙමින් පවතී. මේ රටේ මුස්ලිම්වරු දනගස්වන්නට නම් ව්‍යාපාර වර්ජනය කිරීමෙන් නොනැවතී වෘත්තිකයන් ද වර්ජනය කලයුතු බව ඔවුන්ගේ අලුත් ම මතය වී ඇත.

රජයේ වගකීම :

මෑතකාලය තුළ රටතුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මේ සිදුවීම සහ ඒ හරහා සමාජය තුළ ඇතිවූ සංවාදය ශ්‍රී ලාංකික සමාජය ට ඉතා අහිතකර බලපෑමක් සිදුකර ඇති බව කිවයුතු නැත. ඒ නිසා මේ සිදුවීම ට අදාල සයලු කාරණා ජනතාව ට හෙලිදරව් කිරීම රජයේ වගකීමකි.

එසේ නොමැති විට සමාජය තුළ එකිනෙකා කෙරෙහි සැකයෙන් බලන තත්වයක් උදාවී ජාතීන් අතර විරසකය තව තවත් උග්‍ර වනු ඇත. එබැවින් වෛද්‍ය සාෆි වරදකරු නම් ඒ බව ජනතාවට පැහැදිලි ව කිවයුතු අතර, එසේ නොමැති නම් රටතුළ ජාතීන් අතර වෛරයක් විරසකයක් ඇතිකර මලමිනී මතින් දේශපාලනය කිරීමට සැරසෙන පාදඩ දේශපාලකයන් ඇතුළු ගිහි – පැවිදි සියලු දේශ ද්‍රෝහීන් තරාතිරම නොබලා වහාම අත් අඩංගුවට ගෙන ඔවුන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුය.


රවී සිරිවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button