විශේෂාංග

කොරෝනා වයිරසයෙන් ලංකාව ආරක්ෂිත ද?

වෛද්‍ය හසින්ද උදලාගම විසින් පළ කළ facebook සටහනකි

දැනට පේන්න තියන හැටියට වයිරස් එක ලංකාවට එන එක වළක්වන්න බැහැ. “පළවෙනි ලෙඩා වාර්තාවෙන්නෙ කවදා ද…?” කියන ගැටළුව විතරයි දැන් තියෙන්නෙ. මේක මෙහෙම කිව්වට බය වෙන්න එපා. ස්වසන වයිරස් එකකින් බේරෙන්න උතුරු කොරියාවටවත් බෑ. ඒක ස්වභාවිකයි. Air port එකේ මොන තරම් ආරක්ෂාකාරී පියවර ගත්තත් සතිදෙකක විතර Incubation Period එකක් සහිත වයිරස් එකක් අරන් එන රෝග වාහකයින් අල්ලගන්න එක අමාරුයි. කිමසි රෝග ලක්ෂණයක් නැතුව කූල් එකේ air port එක හරහා යන ඕනම විදේශිකයෙක්ගෙ හෝ සංචාරකයෙක්ගෙ ඇඟේ ඒ වයිරස් එක තියෙන්න පුලුවන්…. දැනට air port එකේ චෙක් කරන්නෙ ශරීර උෂ්ණත්වය වැඩි අය කවුද කියන එක. Incubation period එක එහෙම නැත්නම් වයිරස් එක ශරීරය ඇතුලෙ වර්ධනය වෙන කාලය තුලදි උෂ්ණත්වයෙ ලොකු වෙනස්කම් නොවෙන්න පුලුවන්. එන හැම කෙනාගෙම වයිරස් එක චෙක් කරන එක ප්‍රායෝගික වැඩක් නෙමේ. එහෙමයි කියල ගුවන් තොටුපොලේ මුකුත්ම නොකර තියන්නත් බෑ. අනිත් එක ඉක්මනින් රෝග වාහක මනුස්සයෙක් අල්ලගෙන ඒ මාර්ගයෙන් වයිරස් එක හඳුනා ගන්න එකත් වැදගත්. වෙනත් විදියකට කිව්වොත් ලංකාවට අදාලව “Patient Zero” හඳුනාගන්න එක ඉක්මනින් කරගන්න වෙනවා.

මූලික අවධානය යොමු වෙන්න ඕනෙ පළවෙනි ලෙඩා වාර්තා වුණ මොහොතෙ ඉඳල මොකක්ද කරන්නෙ කියන එක. දන්න විදියට මේ වගේ ගෝලීය වසංගතයක් යන වෙලාවට ක්‍රියාත්මක කරන ආපදා කළමණාකරණ සැලැස්මක් සෞඛ්‍ය සහ අනෙක් අංශ සතුව තියනවා. H1N1 එකත් ලොකු තුවාලයක් නැතුව ලංකාව මැනේජ් කරගත්තා. ඒ නිසා අනවශ්‍ය කලබලයක් නම් අවශ්‍ය නෑ කියන එකයි මගෙ පුද්ගලික මතය. එකම දේ චීන කම්කරුවො සහ අනිත් ශ්‍රමිකයො ටික හරියට කලමණාකරණය කරගන්න එක. ඒකටත් හොඳ සැලැස්මක් හදාගත්තා නම් අනාගතයටත් වටිනවා. ලෝකෙ මෑත කාලෙ ආව වසංගත වැඩිපුරම ආවෙ “වෛරස් සේදමාවත” දිගේ. ලංකාව ඒකෙ අනාගත අවදානම සුළුවෙන් තකන්න හොඳ නෑ.

අපේ මිනිස්සු හරි අසරණ වෙලා ඉන්නෙ. පොඩ්ඩ බැරිවෙනකොට කලබල වෙනවා. හැම පැත්තෙන්ම බැට කාලා කාලා ඉන්න වෙලාවක මේ වයිරස් එක ඇවිල්ලා මොන කලබලයක් කරයිද මන්දා. ලොකුවට වසංගතයක් ඇති වෙන්න ඕනෙ නෑ – නිකමට පළවෙනි ලෙඩා වාර්තාවුණා කිව්ව ගමන් හිඟන චැනල් ටිකයි ෆේස්බුක් පේජ් මල්ලිලා ටිකයි රට ගිණි තියයි. දැනටත් ඒ ලකුණු තියනවා. අන්තිමේදි වයිරස් එක නිසා නෙමේ ආරංචිය නිසා මිනිස්සු අනවශ්‍ය විදියට පීඩාවට පත්වීමේ ලොකු ඉඩක් තියනවා. මේ වයිරස් එක කළමණාකරණය කරනවා වගේම මේ කලබලය කළමණාකරණය කරගන්න එකත් ලොකුම චැලේන්ජ් එකක් අපිට.

මේ වෙලාවෙ හැටියට වෙන කරන්න දෙයක් නෑ. සෞඛ්‍ය අංශ ගැන විශ්වාසය තියමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button