ධනපති මාධ්‍යයේ නිරුවත මෙයයි
2002 ජනවාරි 18 වෙනි දින ඇමෙරිකාවේ ඩකොටා ප්‍රාන්තයේ නිනොට් නගරයේදී වියලි ඇමෝනියා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දුම්රියක් පීලි පැන්නේය. එම දුම්රිය අයත් වුයේ කැනේඩියානු පැසිෆික් ප්‍රවාහන සමාගමටය. එම දුම්රිය පෙරලීමෙන් ඇමෝනියා තොගය බාහිර පරිසරයට මුසු වීමෙන් මාරාන්තික විෂ දුමාරයක් අහසට නගින්නට විය. එම දුම්රිය පෙරලුනු ප්‍රදේශයෙ ජීවත් වන වැසියන් වහාම ඉවත් කිරීම හදිසි අත්‍යාවශය කටයුත්තක් වුයෙන්, ප්‍රදේශයේ ආපදා කටයුතු සිදු කරන පිරිස් විසින් මහ ජනතාව දැනුවත් කිරීමේ අදිටනින් ප්‍රදේශය ආවරණය කරන ගුවන් විදුලි මධ්‍යස්ථාන ඇමතුවේය. එයට අමතරව ගුවන් විදුලි මධ්‍යස්ථාන වල පිහිටි අනතුරු ඇඟවීමේ සයිරන් නලා ක්‍රියාත්මක කර ජනතාවට මෙහි ඇති භාන්කර අවදානම දැනුවත් කිරීමටද සුදානම් විය. එම ප්‍රදේශයේ පිහිටි ගුවන් විදුලි මධ්‍යස්ථාන හයෙන්ම කිසිදු පිළිතුරක් නොලැබුණි. මෙම ගුවන් විදුලි මධ්‍යස්ථාන හයම අයත්ව තිබුනේ Clear Channel නම් ඇමෙරිකාවේ දැවැන්තම ජනමාධ්‍ය සමාගමටය.
මෙම අනතුරෙන් මතුව ආ විෂ දුමාරය ආග්‍රහණය කල් පිරිස් අතරින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් විය. තුන් සියයකට අධික පිරිසක් රෝහල් ගත කෙරුණු අතර, තවත් සැලකිව යුතු පිරිසක් අර්ධ අන්ධභාවයට පත් විය. ගොවිපලවල සතුන් මෙන්ම නිව්ස් වල වසන සතුන්ද මිය ගියේය. ඇමෝනියා වායුව ආශ්වාස කිරීමෙන් ස්වසන පද්ධතිය අක්‍රිය වීම සිදුවේ. මෙම අනතුරෙන් පසුව ජනතාව දැනුවත් කිරීමට දුරකථන ඔස්සේ ගත සියලු උත්සාහයන් අසාර්ත වුයේ මන්දැයි පොලිසිය පරීක්ෂණයක් සිදු කළේය. එහිදී අනාවරණය වුයේ ක්ලියර් චැනල් සමාගමට අයත් තවත් ගුවන් විදුලි මධ්‍යස්ථාන 1240 ක් ඇමෙරිකාව තුළ ක්‍රියාත්මක වන බවයි. එහිදී සොයාගත් අනෙක් විශේෂිත කරුණ වුයේ එතරම් විශාල මාධ්‍ය ජාලය තුල සේවයේ යෙදෙන පිරිස 200 කට අඩු බවයි. මෙම අනතුර සිදුවන ප්‍රදේශයේ මධ්‍යස්ථාන හයද ඇතුළුව රට තුල පිහිටි විකාශන මධ්‍යස්ථාන බොහොමයක් ක්‍රියාත්මක වී ඇත්තේ දුරස්ථ පාලක විසිනි. එහිදී ක්‍රියාත්මක වන වැඩසටහන් සියල්ලම පාහේ පුර්ව පටිගත කල ඒවා බවය. එහි මුඛ්‍ය අරමුණ වුයේ ලාභ ඉපයීමයි. මාධ්‍ය යනු ජනතාවගේ නියෝජිතයා ලෙස අරුත් ගැන්වුවද, ධනේශ්වර සමාජයකදී එය හුදෙක් මිනිසුන් වෙනුවෙන් නොව ලාභය මත රඳා පවතින ආයතනයකි.
රසල් CP බණ්ඩාරවත්ත