සමාජ

‘මාස්ක්’ පරිසරයට ප්‍රශ්නයක් වෙන ලකුණු

ඉවතලන මුහුණු ආවරණ හේතුවෙන් නුදුරේදීම මුහුදු වෙරළ මෙන්ම පරිසර ආශ්‍රිත පරිසර ප්‍රශ්නයක් බවට පත්වීමේ ඉඩකඩක් ඇතැයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මාධ්‍ය වෙත පවසා තිබේ.

මේ වන විට බහුල ලෙස භාවිතා කරන මුහුණු ආවරණ අති බහුතරයක් එක්වරක් පමණක් භාවිතා කර ඉවතලන ඒවා බැවින් මෙම ගැටලුව වඩාත් බරපතල වන බවයි ඔහු පවසා ඇත්තේ.

දැනටමත් අපරික්ෂාකාරීව භාවිතා කර ඉවතලන මුහුණු ආවරණ විශාල ප්‍රමාණයක් පරිසරයේ තැන තැන නිදැල්ලේ දමා තිබෙනු දැකිය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒවා සාමාන්‍ය කසල සමග එක්වීමට නොදී ඉවත් කිරීමේ ක්‍රමයක් තිබිය යුතු බව ද ඔහු සඳහන් කරයි.

නිවාස තුළ පෞද්ගලික මට්ටමින් පාවිච්චි කර ඉවතලන මුහුණු ආවරණ පිළිස්සීම හෝ සෞඛ්‍යාරක්ෂිත අන්දමින් ඉවතලීම සිදුකළ යුතු බව ද ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අදාල අංශ කටයුතු කළ යුතු බව ද ඔහු වධාරණය කරයි.

එවැනි ක්‍රියා මාර්ගයක් අනුගමනය නොකළ හොත් වැසිකාලය සමඟ පරිසරයේ ඇති භාවිත කළ මුහුණු ආවරණ ජල ධාරාවන්ට එක්ව මුහුදු ජලයට එක්වී ඉන් අනතුරුව ඒවා මුහුදු වෙරළේ ගොඩ ගැසෙනු ඇතැයි ඔහු කියා තිබේ.

ඔහු පවසන ආකාරයට මේ වනවිටත් විදෙස් රටවල් රාශියක වෙරළ තීරයන් මෙලෙස අවදානමට ලක්ව ඇති බව ප්‍රදීප් කුමාර පවසා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button