දේශීය

තිස්ස ජනනායක සර්ගේ බොරුවට අභියෝගයක් !

තිස්ස ජනනායක ගුරුවරයා විසින් පවසනු ලබන ආකාරයේ ආර්ථික කොරිඩෝවක් හෝ අමෙරිකානු රජය විසින් ලංකාවේ ඉඩම් අක්කර ලක්ෂ 12ක් අත්පත් කරගැනීම සම්බන්ධව කිසිදු වගන්තියක් Millennium Challenge Corporation Sri Lanka සමාගම හා ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කර ඇති සහස්‍ර අභියෝගතා ගිවිසුමේ සදහන් වී නොමැති බැවින් ඒ මහතා විසින් පවසනු ලබන ගිවිසුමෙහි පිටපතක් Millennium Challenge Corporation Sri Lanka ආයතනය වෙත ලබා දෙන ලෙස සඳහන් කරමින් එම ආයතනයේ facebook පිටුවේ සටහනක් පළකර ඇත.

තිස්ස ජනනායක ගුරුවරයාගේ සාවද්‍ය ප්‍රකාශ නිසා තම රට ජාතිය ගැන හැඟීමකින් පසුවන තරුණ තරුණියන් සහ YouTube හරහා ඔහුගේ වීඩියෝ නරඹන පුද්ගලයන් නොමග යන නිසා ඔහුගේ ප්‍රකාශවලට විරුද්ධව සමාජ මාධ්‍ය තුල දැඩි විවේචන ඇතිවී තිබේ.

රට සහ ජාතියට විශාල අනතුරක් ඇතැයි පෙන්වමින්, එම අනතුරට පිළිතුරු වශයෙන් ඔහු ලබා දෙන්නේ දේශපාලන පක්ෂග්‍රාහී විසඳුමක්ද යන්න සැකයක් බොහෝ දෙනෙකුට මතුවී තිබේ.

සමාජයට වග කිවයුතු ගුරුවරයෙකු ලෙස ඔහු මෙවැනි සාවද්‍ය ප්‍රකාශ සිදු නොකර සිටිනවා නම් වටින්නේ යැයි අප ඔහුට මතක් කර දෙන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button