දේශීය

අවුරුදු 15 දී කතුවරයකු වූ ශ්‍රී ලංකික බ්‍රිතාන්‍ය පාසල් සිසුවා

ශ්‍රී ලාංකික බ්‍රිතාන්‍ය පාසල් සිසුවකු වන මැක්සිම් පතිරණ වයස අවුරුදු 15 දී ඔහුගේ පළමු නවකතාව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එක්සත් රාජධානියේ වාසය කරන මැක්සිම් ඉතා කුඩා අවධියේ සිටම ලිවීමට කැමැත්තක් දක්වා ඇති අතර කොවිඩ්-19 වෛරසය පැවති කාලයේ ළමයින් ඔවුන්ගේ නිවෙස්වලට සීමා වීමත් සමඟයි ඔහු මෙම නිර්මාණශීලී නවකතාවක් ලිවීමට යොමු වී ඇත්තේ.

‘හැරී පොටර්’ සහ ‘ලෝඩ් ඔෆ් ද රින්ග්ස්’ කතා මාලාවට ඔහු තුළ ඇති ආදරයෙන් ආශ්වාදයක් ලැබූ මොහු, ප්‍රාථමික පාසලේදී එම ආශාව සම්පූර්ණ කරමින් The One They Have to Fear (ඔවුන් බිය විය යුතු තැනැත්තා) නම් කතාව ලියූ බව සඳහන්.

මැක්සිම් මේ වන විට ද්විතීයික පාසල් ශිෂ්‍යයෙකු වන අතර, ඔහුගේ සාහිත්‍ය ගමන දිගටම කරගෙන යෑමට ඔහුගේ ගුරුවරුන් ඔහුව දිරිමත් කරනු ලබයි.
ඔහු මේ වන විට කතා මාලාවේ දෙවන කොටසේ වැඩ ආරම්භ කර ඇති අතර එය දැනට ලියමින් පසුවනවා.

ඔහුගේ The One They Have to Fear කෘතිය amazon.com හරහා online ක්‍රමයට ලොව පුරා පොත් සාප්පුවලින් ඇණවුම් කිරීමට හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button