දේශීය
“මුස්ලිම් අමාත්‍යවරුනි වගකීම් භාරගෙන යළි පාලන තන්ත්රයට එක්වන්න” – මහ නායක හිමිවරුන්
ආණ්ඩුවෙන් මුස්ලිම් අමාත්‍යවරුන් ඉවත්වීම පිළිබඳ සංවේගය පළ කරන බවත්, යළි තම වගකීම් භාරගෙන පාලන තන්ත්රයට ප්‍රවිෂ්ට වන ලෙස ත්‍රෛනිකායික මහා සංඝරත්නය මුස්ලිම් නායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ, ඊයේ (05) පස්වරුවේ පැවැති ත්‍රෛනිකායික නා හිමිවරුන්ගේ විශේෂ හමුවේදී ය.
එම විශේෂ හමුව අස්ගිරි මහා විහාරීය මහ නායක හිමි නිල ආරාමයේදී පැවැත් විය.