දේශීය

දඹුල්ලේ එළවළු මිල දෙවන දිනයට තවත් පහතට – ගොවියා අනාථයි – උපරිම තොග මිල පැනවීම විහිළුවක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අද දෙවන දිනයටත් පහත වැටී ඇත. ඊයේ දිනයේ තරම් නොවූ නමුත්, අද දිනයේ දී ද එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබී ඇති නමුත් ඒවා මිලදී ගැනීම සඳහා වෙළෙදුන්ගේ පැමිණීම ඉතා අඩුවී ඇත.

දඹුල්ලේ මේ මොහොත වන විට එළවළු කිලෝවක තොග මිල මෙසේය. රාබු – රුපියල් 10 – 15, නෝකෝල් – රුපියල් 15, එළබටු – රුපියල් 20-25, තක්කාලි – රුපියල් 10-12, වම්බටු රුපියල් – 25-30, මෑ කරල් – රුපියල් 15-20 (අලෙවි කර ගත නොහැකි මට්ටමක පවතී), බෝංචි – රුපියල් 25-30, අමුමිරිස් – රුපියල් 50-60, කරවිල – රුපියල් 15-20, බණ්ඩක්කා – රුපියල් 10-15, ගෝවා – රුපියල් 20-30, මාළු මිරිස් – රුපියල් 30-40, දෙහි – රුපියල් 100, වට්ටක්කා – රුපියල් 35, පිපිඤ්ඤා – රුපියල් 10.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් 150 කි. සාමාන්‍ය දිනක අල සහ ළුණු නොමැතිව එළවළු කිලෝ ලක්ෂ 30ක් දඹුල්ල මධ්‍යස්ථානයේ අලෙවි වේ. ඊයේ දිනයේ එළවළු කිලෝ ලක්ෂ 8 ක් පමණ අලෙවි කර ගත නොහැකිව නැවත රැගෙන ගොස් ඇත. අද දිනයෙත් දහවල් 10.30 වන විට වෙළෙදුන් නොමැතිව අලෙවිකර ගත නොහැකිව ඇති එළවළු ප්‍රමාණය කිලෝ ලක්ෂ 8 ක් පමණ වෙතැයි වෙළෙදුන් පවසති.

කොළඹ, ගම්පහ, කුරුණෑගල, ගාල්ල, මාතර, පුත්තලම, මඩකලපුව, අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක රු. 200 ට අඩුවෙන් පාරිභෝගිකයාට කිසිදු එළවළුවක් මිලදී ගත නොහැකි තත්වයක් පවතී.


රජිත් කීර්ති තෙන්නකෝන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button