දේශීය
අකර්මණ්‍ය හදවතකට පැයකින් යළි පණ දියහැකි වෛද්‍ය උපකරණයක් නිපදවයි
අකර්මණ්‍ය වූ හදවතක් පැයක් වැනි කාලයක් තුල නැවත පණ ගැන්වීමට තෙරපුම් බලය ලබාදිය හැකි නවීනතම වෛද්‍ය උපකරණයක් වෛද්‍ය සිසුවෙක් නිර්මාණය කර තිබේ.
මෙවැනි නව නිපැයුම් වෙනුවෙන් වෙනම ඒකකයක් හා ඒ සදහා වන අරමුදලක් පිහිටුවීමටත්, ලෝක බැංකු ආධාර මුදල් කොටසක් ද ලබා දී ඉදිරි කටයුතු සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යෙයකු වන ඩිල්ෂාන් අබේවර්ධන විසින් මෙය නිපදවා තිබේ. මෙම නව නිපයුම වෙනුවෙන් ආර්ථීක ශක්තිය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා තරුණ සේවා සභාව මගින්ය.