දේශීය

වැස්ස හෙටින් පසු අඩු වෙනවා ලු

දැනට පවතින වර්ෂාවේ සැලකිය යුතු අඩුවීමක් හෙට(16) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කෙසේ වෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද දිනයේත් මිලිමීටර් 100 ඉක්ම වූ වැසි බලාපොරොත්තු විය හැකියි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.

ඊට අමතරව බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුර පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 තරමක තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ද පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button