දේශීය

ඇඳිරිනීතිය අස්සේ දහම් සිරිසේන පාටි දාලා….

කොරෝනා වයිරසය පැතිර යාම හේතුවෙන් රටම ඇඳිරිනීතිය පනවා ඇති මොහොතක‌ හිටපු ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන කොළඹ, ‌කේම්බ්‍රිජ් ප්ලේස්හි පිහිටි ඔහුගේ සුවිසල් නිවෙසේ ඉහළම විවෘත මහලෙහි සාදයක් (Pool Party) පවත්වා ඇති අතර මේ සම්බන්ධයෙන් ‘සන්‌‌ඩේ ටයිම්ස්’ පුවත්පතේ ‌ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදිනීයක වන නාමිනී විජේදාස ‌පොලිසිය ‌වෙත පැමිණිලි ‌කොට ඇත.

ඊ‌‌යේ (28) රාත්‍රියේ  ඇරැඹි ඇති ‌මෙම සාදය අද අලුයම 2.30 දක්වා පැවැති බව ‌පෙන්වා ‌දෙන මාධ්‍යවේදිනියක වන ඇය, ඇදිරි නීතිය පනවා තිබෙන ‌මෙවන් අවස්ථාවකදී ‌මෙවැනි සාදයක් පැවැත්වීම ගැටළුවක් බවත්, ‌පොලිස් නිලධාරීන් පවා කිසිවක් ‌නොකොට ඒ අවස්ථාවේ මාර්ගයේ රැදී සිටි බවත් සදහන් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‌ජ්‍යෙෂ්ඨ ‌පොලිස් අධිකාරී අජිත් ‌රෝහණට මේ සම්බන්ධයෙන් whatsapp මාර්ගයෙන් තමන් ‌ දැනුම් දුන් බවත්, එම පණිවුඩය අජිත් ‌රෝහණ දැක තිබුණද තමන් ලබා දුන් කිසිදු ඇමතුමකට ඔහු පිළිතුරු ‌නොදුන් බවත් ඇය සදහන් ‌කොට ඇත.

ඒ අනුව මෙම කාරණය මාධ්‍යවේදිනියක ‌ලෙස තමන් ‌මෙය ජනතාව ඉදිරියට රැගෙන යන බවත් මාද්‍යවේදිනිය සදහන් ‌කොට කර ඇත.

සිය ‌‌‌facebook ගිණුමෙහි සදහනක් තබමින් ඇය ‌මේ බව අනාවරණය ‌කර ඇත.

https://www.facebook.com/namini.wijedasa/posts/10158027942911704

One Comment

  1. pattara kantoruwe pattara mitiya kotteta tabagena nidiyagatta Sirisena ge putata koti gannan watina mandira milata ganna mudal labune kohenada danne naha.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button