දේශීය

ආයුධ ගබඩාවක් පවත්වාගන ගිය ඌවතැන්නේ සුමනට ජනාධිපති සමාව

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන නැමැත්තාට ජනපති සමාව ලබාදීමට කටයුතු කර ඇති බවට ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

2010 ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර එනම් ජනවාරි 02 වැනි දා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මාළිගාවත්ත බෝධිරාජරාම විහාරස්ථානය වටලනු ලැබූවා. එහිදී විහාරස්ථානයේ තිබී T 56 ගිනි අවි 2 ක් සහ ජීව උණ්ඩ 210 ක් සොයාගනු ලැබූවා.

ඉන් අනතුරුව නීති විරෝධී අන්දමින් ගිනි අවි සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ මාළිගාවත්ත බෝධිරාජාරාමාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන නැමැත්තා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණා.

ඌවතැන්නේ සුමනට අමතරව එම විහාරස්ථානයේ විහාරවාසී මාවෙල සුබෝධ සහ හිටපු LTTE සාමාජිකයින් යැයි කියන පී. රාජබාලන්, කේ. තමිල්සෙල්වම් සහ චන්ද්‍රනම් සුබ්‍රමනියම් යන අයට ද අධි චෝදනා එල්ල වූ අතර නඩු විභාගය අතරතුරදී ඔවුන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button