දේශපාලන

ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන බැසිල් ආයෙමත් සක්‍රීය දේශපාලනයට

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකයා හා උපායමාර්ගික විශේෂඥයා ලෙස හදුන්වන බැසිල් රාජපක්ෂ නැවතත් සක්‍රීය දේශපාලනයට පිවිසීමට සූදානමින් සිටියි.

ඒ වෙනුවෙන් මෙම දිනවල ඔහු ඇමරිකාවේ සිටිමින් තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අවශය කටයුතු කරමින් සිටින බවත් වාර්තාවේ.

එළඹෙන පාර්ලිමේන්තුව මැතිවරණය සදහා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ඔහුට හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වසර තුනක් ඇතුළත පොදුජන පෙරමුණ බිහිකර එය රටේ බලයට පත්කළ මහ මොළකුරු බැසිල් රාජපක්ෂ බව පක්ෂ විපක්ෂය භේදයකින් තොරව පිළිගන්නා සත්‍යයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button