දේශපාලන

ඇමති නිමල් ලන්සාට ජනතා විරෝධය – වත්තලදී හූ කියා පන්නයි

පසුගිය කාලයේ මුහුදෙන් වැලි ගැනීම සඳහා ආණ්ඩුව පියවරගෙන තිබීම හේතුවෙන් ධීවරයන්ට මුහුණපෑමට සිදුව තිබූ අපහසුතාවලට වන්දි ලබාදෙන බවට ආණ්ඩුවෙන් ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමට එරෙහිව, වත්තල – හැඳල ධීවර කාර්මික ජනතාව පසුගිය 11 වනදා විරෝධතාවයක නියැලී තිබිණි.

එම විරෝධතාකරුවන් හමුවීමට ගිය ඇමති නිමල් ලන්සාට මුහුණ දීමට සිදුව තිබුණේ බරපතල අර්බුදයකටය. ඒ නිමල් ලන්සාට සිය අදහස් පළකිරීමට පවා ඉඩ ලබා නොදෙමින් ධිවරයන් විසින් හූ කියමින් බාධා කිරීම නිසාය.

ඇමතිවරයාගේ ආරක්ෂාවට පොලිසියට පවා ඒ අසළට පැමිණීමට සිදුව තිබුණේ ධීවරයන්ගේ විරෝධය දැඩි වූ නිසා ය.

කෙසේ වෙතත් ඇමතිවරයා සිය මැතිවරණ ප්‍රචාරණයේදී වාසියක් ගැනීමට සිතා මේ ප්‍රශ්නයට මැදිහත්වීමට එහි ගොස් තිබුණද සැබවින්ම සිදුව තිබුණේ දැවැන්ත අපකීර්තියකි.

වත්තල සිය ආසනය ලෙස ඇමති නිසල් ලන්සා සැලකුවද තමන්ගේ ආසනය තුළදීම මැතිවරණයක් මුව විටේ තබාගෙන මෙවන් අපහසුතාවයකට, ජනතා අප්‍රසාදයකට පත්වීම යනු බරපතල තත්වයකි.

එය ලන්සාගේ මැතිවරණ සටනට එල්ල වූ මරු පහරක් වනවාටද සැක නැත.


මීපුර පුවත් ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button