
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති වාර්තා පළ වී තිබුනද පසුගිය බ්‍රහස්පතින්දා පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ යලි බලයට පැමිණීමට තමන්ගේ අදහසක් නොමැති බවයි. නියමිත නිල කාලය තුල ජනාධිපති ධූරයේ රැඳී සිටින බවත් එම කාලය තුල එජාප විරෝධී ස්වදේශික නායකත්වයක් ගොඩනැගීමට මූලිකත්වය ලබාදෙන බවත් ජනාධිපති වරයා පවසා තිබේ.