දේශපාලන

ගෝඨාභයට ඇමෙරිකාවෙන් රහස් ලිපියක්

පසුගිය 14 වැනිදා මෙරටට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර ලේකම්, ඇලිස් ජී. වෙල්ස් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත ඇමෙරිකානු ජනාධිපති, ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ විශේෂ ලිපියක් භාර දී ඇත.

මෙම විශේෂ ලිපිය භාර දීම පිළිබඳව බී.බී.සී. වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. එහෙත්, ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිල වෙබ් අඩවිය විසින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ ම නිලධාරිණියක වන මැය හමු වීම පිළිබඳව කිසිවක් පළ කර නොතිබිණි. පසුගිය 15 වැනිදා රාත්‍රිය වන විට ද මෙම ඉහළ ම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණිය ජනාධිපතිවරයා හමු වීම පිළිබඳ ප්‍රමුඛත්වයක් දී ඡායාරූපයක් හෝ එම වෙබ් අඩවිය පළ කර නොතිබීම විශේෂත්වයක් විය.

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය මෙරටට පැමිණි දිනයේ ම රුසියානු විදේශ අමාත්‍ය, සෙර්ගේයි ලැව්රෝෆ් සහ චීන විදේශ අමාත්‍ය, වෑන් යී ද මෙරටට පැමිණ ඇත. විදේශ ඇමතිවරුන් හමු වීම පිළිබඳ ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිල වෙබ් අඩවියේ ප්‍රමුඛත්වයේ ලා පළ කර තිබිණි. එහෙත්, ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනිය හමු වීම පිළිබඳව ප්‍රමුඛ පෙළේ ඡායාරූප හෝ නොවී ය.

මෙම පසුබිම තුළ බී.බී.සී. මාධ්‍ය ජාලය පළ කර තිබූ ගෝඨාභය රාජපක්‍ෂට ඇමෙරිකානු ජනාධිපති, ඩොනල්ඞ් ට්‍රම්ප් ලබාදුන් විශේෂ ලිපිය පිළිබඳව කිසිදු තොරතුරක් පළ නොවීම මාධ්‍ය ක්‍ෂේත්‍රයේ දැඩි කතාබහට හේතු වී තිබේ. මෙම ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනිය ජනාධිපතිවරයාට අමතරව අගමැති මහින්ද රාජපක්‍ෂ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එම සන්ධානයේ ඉහළ පෙළේ නායකයන් ද හමු වී සාකච්ඡා පවත්වා ඇත. එහෙත්, මෙම කිසි ම දේශපාලනඥයකු හෝ ඇමෙරිකානු නියෝජිතවරිය සාකච්ඡා කළ කරුණු කිසිවක් හෝ කිසි ම දෙයක් හෙළි කර නොතිබිණි.


ප්‍රියදර්ශන දයාරත්න
(ලංකා ෆස්ට් නිව්ස්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button