IMF දූත මණ්ඩලය ජනපති සහ ප්‍රධාන අමාත්‍යවරුන් හමුවෙයි .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සමග එම නියෝජිත කණ්ඩායම ඊයේ (18) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ අමාත්‍යවරුන් පිරිසක් හමුවී තිබෙනවා.
එහිදී මෙම පිරිස ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම විසින් ලබා ගන්නා ලද තීරණාත්මක මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව සිය සුබ පැතුම් එක් කළ අතර නව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි ප්‍රකාශ කළේ.
තම රජය විසින් දිනා ගනු ලැබූ ජනවරමත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිසාධනය කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත්, IMF වැඩසටහනේ සාර්ථකත්වය රඳා පවතින්නේ පවත්නා පාලනය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය ගොඩනැගීම් මත බව ජනාධිපතිවරයා අවධාරණය කළා .
එමෙන්ම ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ ජන වරමට අනුව කටයුතු කිරීම තම පරිපාලනයේ වගකීම බවත්, ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් තම රජය කැපවීමෙන් කටයුතු කරන බවයි .
මෙහිදී පුරවැසියන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව ද සලකා බලා සමබර ප්‍රවේශයක් අනුගමනය කරන ලෙස ජනාධිපති එම අරමුදලෙන් ඉල්ලා සිටියා.
රට පාලනය කිරීම සහ දූෂණයට එරෙහි වීම යන කරුණු පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර දූෂණයට එරෙහි සටන සඳහා තමන් හා තම රජය කැපවීමෙන් කටයුතු කරන බවත්, එහි විනිවිද භාවය සහ වගකීම් තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථාදායක සහ අනෙකුත් ආයතනික ව්‍යුහ වැඩි දියුණු කිරීම සඳහා තම රජය දැඩි නීතිරීති ක්‍රියාත්මක කරන බවයි ජනපති IMF කණ්ඩායම හමුවේ ප්‍රකාශ කළේ.