දේශීය
අදත් මි.මී.100 ට වැඩි තද වැසි
බස්නාහිර, සබරගමුව සහ උතුර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි අද (19) දිනයේත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එසේම උතුර, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් ද පවතිනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.